• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රු. කෝටි ගණනක පොහොර වංචාවක් ගැන තොරතුරු එළියට

11 October 2024
in දේශීය
රු. කෝටි ගණනක පොහොර වංචාවක් ගැන තොරතුරු එළියට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ගොවි ජනතාවට අඩු මුදලට ලබාදීම සඳහා වසර හයකට පෙර ආනයනය කළ පොහොර තොගයක් හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළැයි කියන මෙරට පොහොර සමාගම් 05ක හා තැරැව්කාර ආයතන 08ක සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට ඊයේ (10) නියම කළේය.

අදාළ පොහොර සමාගම් 05යේ හා තැරැව්කාර ආයතන 08යේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර දැක්වෙන වාර්තා කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමටද රහස් පොලිසියට නියම කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන මහත්වරු කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අනුරගමගේ මහතා  2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ රුපියල් 1100/-ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා පෙහොර සමාගම් විසින් රුපියල් 2500/-ක මිලකට විදේශ රටවලින් පොහොර ආනයනය කර ඇතැයි පැවසීය.

රුපියල් 2500/-ක මිලට විදේශ රටවලින් ආනයනය කළ පොහොර තොග පෙහොර සමාගම් 05ක් විසින් පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3500/- බැගින් අලෙවිකර ඇතැයිද එලෙස පුද්ගලික කර්මාන්තකරුවන්ට වැඩි මිලට පොහොර විකුණා ඇති ඔවුන් එම පොහොර තොග ගොවි ජනතාවට රුපියල් 1100/- ක සහන මිලට ලබා දුන් බව රජයට අඟවා තමන්ට පාඩුවු රුපියල් 1400/-ක මුදල යළි රජයෙන් ලබාගෙන රුපියල් කෝටි ගණනක් රජයට වංචා කර ඇතැයිද කී උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ මහතා රජයට වංචා කිරීම හා අයුතු ලාභ ලැබීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද කීය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙරට පොහොර සමාගම් පහක සහ තැරැව්කාර ආයතන අටක පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන ඇතැයිද නුදුරු දිනකදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ යැයිද කී අනුර ගමගේ මහතා අදාළ පොහොර සමාගම් සහ තැරැව්කාර ආයතන වල පුද්ගලයින්ගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා කැඳවීමට අවසර ඉල්ලා සිටියේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී මෙරටට පොහොර ආනයනය කළ සමාගම් 18 න් සමාගම් 05ක් මෙසේ වංචා සහගතව කටයුතු කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇතැයිද කී අනුර ගමගේ මහතා අදාළ පොහොර තොග ඒකල හා පෑලිගොඩ ප්‍රදේශවල තොග ගබඩා වලින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පොල්කටු අඟුරු මගින් කාබන් නිෂ්පාදනය කර අපනයනය කරන කර්මාන්ත ශාලාවකට විකුණා ඇති බව අනාවරණය වුයේ යැයිද කීය.

පොහොර සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති කොළඹ ප්‍රදේශයේ තේ අලෙවිසල්, කිරි අලවිසල් හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන වල ලිපිනයන් යොදා  මුදල් ලබාගැනීම සඳහා රජයට ඉන්වොයිස් පත්‍ර යොමු කර මෙම වංචාව කර ඇතැයි කී අනුර ගමගේ මහතා මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ඉල්ලීම් වලට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා සිද්ධියටසම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

 

[ada]

Post Views: 18
Previous Post

ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25ක් අතුරුදන්!

Next Post

යුද හමුදාවේ 1412කට උසස්වීම්

Editor TTV News

Editor TTV News

Next Post
යුද හමුදාවේ 1412කට උසස්වීම්

යුද හමුදාවේ 1412කට උසස්වීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved