කල් ඉකුත් වූ රියදුරු බලපත්රය ට නීතිය ක්රියාත්මක නොකර මුදා හැරීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබාගත් මතුගම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සැරයන්වරයෙකු ඊයේ (15) රාත්රී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
සැකකාර පොලිස් සැරයන්වරයා පෙරේදා (14 )මතුගම ඔරලෝසු කණුව අසල රාත්රී රාජකාරියේ යෙදී සිටියදී ලොරි රථයක් පරීක්ෂා කර එහි රියදුරාගේ රියදුරු බලපත්රය කල් ඉකුත්වීම නිසා එම වරදින් මුදවා හැරීමට රුපියල් 5000/= ඉල්ලා තිබූ බව පොලිසියේ සඳහන් කරයි.
එකී මුදලින් රුපියල් 3000/= ක මුදලක් මතුගම ඔරලෝසු කණුව අසලදි ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසියේ සඳහන්කරයි. අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව පරීක්ෂණ පවත්වයි.