ශරීරයේ ඇතිවන බොහෝමයක් රෝගාබාධයන්ට ප්‍රධානම හේතුවක් තමයි ආමය හෙවත් නොපැසවූ ආහාර. මේ ආමය පුද්ගලයෙකුගේ නිරොගී භාවය රැකදෙන ත්‍රිදෝෂයන්ගේ සමතුලිතතාවය නැතිකරමින් එම පුද්ගලයාව රෝගයෙකු බවට පත්කරනවා.
අප ශරීරයේ ඇතිවන විවිධ වේදනා, ආසාත්මිකතා, ඇවිලීම් ආදී නොයෙකුත් අපහසුතා නිවැරැදි ආහාර සිරිතක් මඟින් නැවත යථාතත්වයට පත්කරගත හැකියි. ගොවිතැන් බත් කරපු, මහ වැව් අමුණු හදපු අපේ අතීත සිංහලයාට දැවැන්ත ශක්තියක් ලබාදුන් දියබත ගැන අපි කලින් ලිපියක කතා කලා ඔබට මතක ඇති.
පසුකාලීනව පිටරටින් පැමිණි වසවිස ටික කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඔහේ බඩට හලාගත්ත අපිට කොහේ හෝ වැරදුනු බව තේරුනේ අපේ මිනිස්සු ටික පෝලිමේ ලෙඩ වෙන්න පටන්ගත්තට පස්සෙයි. අර්ශස්, දියවැඩියාව, මලබද්ධය, පිළිකා, අක්මා රෝග, බඩවැල් රෝග අපේ සමාජය දිනෙන් දින ගිලගත්තා. එක පවුලක දරු පැටව් 10 ක් 15 ක් හිටපු ජාතියක දරු පැටව් දෙක තුනකට සීමා වුනා. පැදුර පෑගුනත් දරුවො ලැබුනු අපේ කාන්තාවන්ට කවදාවත් නැති විදිහට දරුඵල ගැටළු වලින්, මහලේ රෝග වලින් පීඩා විඳින්න සිදුවුනා. ඔව්.. ඇත්තටම අපිට කොහේ හරි වැරදුනා.
කාන්තාවන්ගේ ඇඟේ ඇති සියලුම උෂ්ණ රෝග ටික, ලෙඩ දුක් ටික නැසිය හැකි, අර්ශස් හා බඩවැල් ආශ්රිත රෝගාබාධයන්ට ගුණදෙන, අපිට පෝෂණීය පරිපුර්ණ ආහාර වේලක් ලබාදී අපිව බොහෝ ලෙඩ දුක් වලින් ගලවා ගන්නා “බත් කිරි කංජි” ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ. ඔබට ලෙඩක් දුකක් නැතිව අවුරුදු 10 ක් වැඩිපුර ජීවත් වෙන්න ඕනි නම් ඔබගේ අනිත් පෝෂ්‍යදායි ආහාර වේල් අතරට මේ බත් කිරි කංජිත් අද සිට එකතු කරගන්න. දවසක් හැර දවසක් මාසයක් යනකම් වත් මේ බත්කිරි කංජි හදාගෙන කන්න උත්සාහ කරන්න.

01. රෑ ඉතිරි වු බත් ටික මැටි මුට්ටියට දමන්න. එයට වතුර කෝප්ප 02 ක් දමා පුරා රැයක් වසා තබන්න.
02. දැන් පසුදා උදෑසන මේ බත් මුට්ටියට හොඳින් ගසාගත් මුදවපු කිරි ටික දමන්න.
03. එයට සිහින්ව ලියාගත් රතුළූණු සහ අමුමිරිස් දමන්න. කරපිංචා ටිකත් අතින් තරමක් පොඩිකර එයට දමන්න.
04. ලුණුත් දමා හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි 05 ක් වසා තබන්න.
05. දැන් මෙසේ සාදාගත් බත් කිරි කන්ජි ලුණුදෙහි ටිකක්, ලියාගත් ළූණු ටිකක් සමඟ සම්පූර්ණයෙන්ම අහාරයට ගන්න.
නිතරම හදාගෙන කන්න අමාරු නම් සතියක් හැර සතියක්වත් හදාගෙන කන්න. කාලා අපිටත් ගුණ කියන්න.
– හෙළ අරණ.
කරුණාකර මුල් කතෘ අයිතිය සුරකින්න.
~ උපුටා පලකිරිම නන්දා ව්ජේතුංග
වෙඩ්මුරයෙ අපි
දියබත් වල ගුණ

උපුටාගැනුනකි.