දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් නිසා දිනපතා ශ්‍රී ලංකාවේ පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය සඳහන් කර සිටිනවා.
එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය විසින් පැවසුවේ 2023 වසරේ දී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් නිසා පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන හෙයින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බව යි වෛද්‍ය චින්තා මහත්මිය අවධාරණය කර සිටියේ.
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොහෝ රෝග අතර වකුගඩු රෝගය නිසා පීඩා විඳින අය වැඩි පිරිසක් සිටින බවත් රෝගය ආරම්භයේදීම හැඳින ගැනීමට වෛද්‍ය උපදෙස් පිළිපැඳීම ඔබේ සෞඛ්‍යයට පිළිසරණක් විය හැකි බවත් වෛද්‍යවරිය පැවසුවා.