ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය වෙත භාර වි තිබෙනවා.
නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසනයි මෙලෙස බාර වි තිබෙන්නේ.
ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ අනුව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා පොලීසියට භාරවූ අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.