ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය සැලකිය යුතු ආකාරයට පහතට ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් හෙළි කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමග පැවැති සාකච්චාවල දී මෙය තහවුරු වු බවයි UNFPA නියෝජිත කුලී අඩෙනියි මහතා පවසා තිබෙන්නේ.
කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය 1.9 ක් වන අතර, ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය 2.1 ක අගයට වඩා එය අඩු අගයක් බව සඳහන්.
ලංකාවේ තරුණයින් කුටුම්භ ජීවිතයක් පවත්වාගෙන යාමට කැමති මුත් පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ එසේ කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ නිසා එය තාවකාලිකව නවතා දැමීමට තිරණය කර තිබෙන බවයි ඔවුන්ගේ පරික්ෂණවලින් තහවුරු වී තිබෙන්නේ.
එමෙන්ම දරුවන් ලැබිය හැකි වයසේ පසුවන වැඩිහිටියන්ගෙන් ආසන්න ලෙස 20% ක් විශ්වාස කරන්නේ තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව බිහි කිරීමට නොහැකි වනු ඇති බව ද UNFPA වාර්තාවට අනුව සඳහන්.