කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) මඟින් රටපුරා ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් (EDP) මාලාවක් සංවිධානය කර තිබෙනවා.
එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ සේවයේ නියතු සංවර්ධන නිලධාරීන් (DO) හා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් (EDTO), යන අය “සම්බන්ධීකරණ නිලධාරීන් – Relationship Officers” යන තනතුර යටතේ රටේ හොඳම ව්‍යාපාර උපදේශකවරුන් බවට පරිවර්ථන කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (29) ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් නිලධාරීන් 53 දෙනෙකු හට ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් යුත් මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබුණු අතර මෙහිදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍රි ලංකා අලෙවි කළමණාකරණ ආයතනය (SLIM) අතර මෙහිදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද විශේෂත්වයක්.
මෙම වැඩසටහන සාමාන්‍ය සේවක පුහුණු පාඨමාල /උපාධි වලට වඩා වෙනස්වන අතර මෙය “කරමින් ඉගැනීම” (Learn by Doing) “අත්දැකීමෙන් ඉගෙනීම” මත පදනම් වූ ප්‍රායෝගික වැඩසටහනකි.
මෙම පාඨමාලාව මූලික වශයෙන් ඔවුන්ගේ කුසලතා, හැකියාවන් සහ ආකල්ප වර්ධනය කර ගැනීමට ඉවහල්වන අතර ඒ හරහා රටේ කොඳුනාරටිය ලෙස සැලකෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම සඳහා නිවැරදි උපදේශන සේවයක් ඔවුන් වෙතින් ලබා ගැනීමට හැකිවනු ඇති.
මෙම වැඩසටහන සඳහා SLIM ආයතනය මිලියන 100ක පමණ ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන අතර පළමු අදියරේකටයුතු ආචාර්ය මණ්ඩලය විසින් නොමිලේ සිදු කරනු ලබයි. ඒ අනුව මෙහි පළමු වැඩසටහන සඳහා SLIM ආයතනය මිලියන 40ක් වෙන් කර තිබෙනවා.