19 September 2024
#ක්‍රීඩා #පුවත්

ලංකාව ජයග්‍රහණයට තවත් ලකුණු 125ක් පසුපසින්!

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින් ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනයට තරගය නිමා කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 95ක් රැස් කරගෙන සිටියි.

ඒ් අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමට අද දිනයේදි කඩුලු 9ක් තුළදි ලකුණු 125ක් රැස්කර ගත යුතු වෙයි.නොදැවි පිටියේ රැදී සිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 53ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කරගෙන සිටියි. දිමුත් ලකුණු 8ට දැවි ගියේය.

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රි ලංකා ඉනිම ලකුනු 263කට සිමා විය. එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත් වූහ.

[ADA]

Leave a comment

Your email address will not be published. Required fields are marked *