ශ්‍රී ලංකාවේ වාහන මිල සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසනවා.
රජය විසින් පනවා ඇති අධික ආනයනික බදු හේතුවෙන් මෙලෙස වැඩි වි තිබෙන බවයි එම සංගමය පවසා සිටින්නේ.
රුපියල් ලක්ෂ 15ක් පමණ වන මෝටර් රථයක් ආනයන බදු සමඟ රුපියල් ලක්ෂ 60ක් පමණ දක්වා ඉහළ යන බවයි රාමනායක මහතා පෙන්වා දුන් අතර මෙය වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට දැඩි බරක් වී ඇති බවයි ඔහු අවධාරණය කර සිටියේ.