දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් විවර කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) 14 වැනි අලෙවි ශාඛාව ඊයේ (11) මීගමුවේදී විවෘත විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව දේශීය ශිල්පියාට උපරිම වටිනාකමක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බව අවධාරණය කෙරිණි.














