• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලග්ගල කෝටි හයේ කොල්ලයේ හිමිනමක් ඇතුළු 10ක් අත්අඩංගුවට

2 December 2024
in දේශීය
ලග්ගල කෝටි හයේ කොල්ලයේ හිමිනමක් ඇතුළු 10ක් අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ලග්ගල හත්තොට අමුණ දේවාලදෙණිය ප්‍රදේශයේ විසූ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසේදී නොවැම්බර් 10 වැනිදා සිදුවූ මංකොල්ලයේ සුලමුල පසුගියදා අනාවරණය කරගැනීමට පොලිසියිට හැකිවිය.

ලග්ගල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත් ‘පොඩි රෝහණ’ නමැති ව්‍යාපාරිකයා මැණික් ව්‍යාපාරයෙන් කීර්තියක් දිනූ තරුණයෙකි. ඔහු පසුගිය 10 වැනිදා රාත්‍රි 09.20ට පමණ බුදුන් වැඳීමට නිවසේ මිදුලේ පිහිටි බුදුමැදුරට පැමිණ සිටියේය. එම අවස්ථාවේදී නිවසේ තාප්පයෙන් ඇතුළු වූ පුද්ගලයින් සිවු දෙනකු ව්‍යාපාරිකයාගේ ගෙලට පිහියක් තබා මෙල්ල කරගත් අතර, තවත් දෙදෙනෙකු නිවස තුළට දිව ගියේ නිවැසියන් ග්‍රහණයට නතු කරගැනීමේ අරමුණෙනි.

හිසට පිස්තෝල තබා නිවැසියන් තම අණසකට නතු කරගත් කොල්ලකරුවෝ සිවුදෙනා රුපියල් කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක්, රුපියල් ලක්ෂ පනහකට අධික මුදල්, රන් භාණ්ඩ මෙන්ම තවත් භාණ්ඩ රැසක් ද කොල්ල කා පලාගොස් තිබුණේ ද ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයෙන්මය.

මෙම කොල්ලය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ ලග්ගල පොලිසියට අමතරව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට සහ මාතලේ පොලිසියේ අපරාධ අංශ ස්තානාධිපතිවරයා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමකට ද ඊට අදාළ විමර්ශන බාර දී තිබිණි.

එම නිවසේ ආරක්ෂිත කැමරා දර්ශන ගබඩා වන ඩි.වී.ආර්. යන්ත්‍රය ද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබුණු අතර ආරක්ෂිත කැමරා වල යොදා ඇති චීපයක් ආධාරයෙන් කොල්ලකරුවන් පැමිණෙන අයඅරු, පිටව යන අයුරු මෙන්ම නිවෙසියන් මෙල්ල කරන අයුරු ඇතුළුත් වීඩියෝ පට කිහිපයක්ද සොයාගෙන තිබිණි.

සති තුනක පමණ කාලයක් සිදු කළ විමර්ශන වලදී විල්ගමුවේ පුද්ගලයකු පිළිබඳව ලග්ගල පොලිසියට තොරතුරක් ලැබී ඇත. එකී තොරතුරෙන් කියැවුණේ ඔහු යුද හමුදාවෙන් පලා ගිය අයගෙන් සැදුම්ලත් අපරාධ වලට සම්බන්ධ කණ්ඩායමක් සමග මාවතගම ප්‍රදේශයේ විහාරස්ථානයක දී සම්බන්ධතා පවත්වන බවයි.

මෙම පුද්ගලයාගේ බිරිඳ ආර්ථික අපහසුතා හේතුවෙන් සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් ඇති බවත් ඇය එම කාලයේදී වෙනත් පුද්ගලයකු සමග අනියම් සම්බනධයක් පවත්වාගෙන යන බවත් හෙළිව තිබේ. මේ හේතුවෙන් මෙම පුද්ගලයා අවස්ථා කිහිපයකදීම ගුරුකම් සිදුකරවා ගැනීමට මාවතගම ප්‍රදේශයේ විහාරස්ථානයට පැමිණ ඇත්තේ එකී සබඳතාව බිඳ දැමීමට බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ඔහු එම විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවලදී විහාරස්ථානයේ උප විහාරාධිපති හිමියන් සමග සම්බන්ධතා පවත්වන අපරාධවලට සම්බන්ධ පිරිස් හදඳුනාගැනීමට හැකිවී ඇති බවත් විවිධ ප්‍රදේශවල කොල්ලකෑමට හැකි තැන් පිළිබඳව එහිදී මෙම පිරිස සංවාදයේ යෙදී ඇති බවත් පොලිස් විමර්ශන වලදී හෙළිව තිබේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ලග්ගල පොලිසිය ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අදාළ කොල්ලයේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිවිය. එසේම කොල්ලයට සම්බන්ධ බව කියන මාවතගම විහාරයේ 42 හැවිරිදි හිමිනම, යුද හමුදාවෙන් පැනගිය සෙබළුන් තිදෙනෙකු ඇතුළු අපරාධයට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ දස දෙනෙකු ලග්ගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය මාවතගම ප්‍රදේශයේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී අදාළ භික්ෂුව සමග සැකකරුවන් තිදෙනෙකු විහාරයේ සිවිලිමේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පළමු සැකකරු පසුගිය මාසයේ 06 වැනිද මෙම විහාරයට පැමිණ ඇති අතර, එහිදී සැකකාර භික්ෂුව හා උන්වහන්සේගේ අපරාධ කල්ලිය ලග්ගල නගරයේ රාජ්‍ය බැංකුවල විස්තර විමසා ඒවා කොල්ලකෑමට සැලසුම් කර ඇති බව හෙළිව ඇත. ඒ අනුව පසුගිය 10 වැනිදා එම භික්ෂුව සමග වෑන් රථයකින් පුද්ගලයින් හය දෙනෙකු ලග්ගලට පැමිණ ඇතිමුත්, ආයුධ සන්නද්ධ ආරක්ෂකයින් රාජ්‍ය බැංකු තුනෙහිම සිටීම හේතුවෙන් එම උත්සහාය ව්‍යාර්ථව ගොස් තිබිණි.

පසුව විල්ගමුවේ පුද්ගලයාට සම්බන්ධ ලග්ගල දේවාලදෙණියේ පුද්ගලයකු එනකු කරගත් ඔවුන් කොල්ලයක් කළ හැකි ස්ථානයක් ගැන ඔහුගෙන් විමසා ඇත. ඒ අනුව ලග්ගල දේවාලදෙණියේ පිහිටි ‘පොඩි රෝහණ’ නමැති ව්‍යාපාරිකයාගේ නිවස ගැන තොරතුරු දුන් එම පුද්ගලයා පවසා ඇත්තේ ඔහු සන්තකයේ රුපියල් කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් ඇති බවයි.

මේ අනුව ඊට සැලසුම් සකසාගත් භික්ෂුව ඇතුළු අපරාධකරුවන් අදාළ නිවස අසළට වෑන් රථයකින් පැමිණ තිබුණේ පසුගයි 10 වැනිදා රාත්‍රියේය. ඉන් සිවු දෙනෙකු වෑන් රථයෙන් බැස්සවු භික්ෂුව රියදුරු සමග යළිත් මාවතගම පිහිටි විහාරස්ථානයට ගොස් තිබේ.

තාප්පයෙන් පැන නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් සේප්පුවේ තිබූ නිල් මැණික් ගල, රත්‍රන් හා මුදල් ඇතුළුව රුපියල් කෝටි හයකට අධික මුදල් හා දේපළ කොල්ලකා පලාගොස් තිබිණි.

ව්‍යාපාරිකයාගේමෝටර් රථයෙන්ම පලාගිය කොල්ලකරුවන් එම රථය ගලේවෙල ප්‍රදේශයේ නවතා බස් රථවලට ගොස් තිබෙන බවත් රුපියල් ලක්ෂ හත බැගින් ඔවුන් බෙදාගෙන තිබෙන බවත් පසුව හෙළිවිය.

ඉන් එක් සැකකරුවකු රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් වැය කර නිවසේ තිර රෙදි මිලදී ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු නිවසේ කොන්ක්‍රිට් වහලය දැමීම සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් වැය කර තිබේ.

ඔවුන්ට කොල්ලය සිදු කිරීම සඳහා විස්තර ලබාදී ඇත්තේ ද ‘පොඩි රෝහණ’ නැමති මැණික් ව්‍යාපාරිකයා කුඩා කල සිට ඇසුරු කළ ලග්ගල ප්‍රදේශයේම මිතුරෙකි. ඔහු කොල්ලය සිදුවූ දිනට සති කිහිපයකට පෙර ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ වකුගඩු රෝගී තත්ත්වයකට බෙහෙත් ගැනීමට බව කියමින් රුපියල් පන්දහසක මුදලක් ද ඉල්ලාගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය. පොඩි රෝහණ නමැත්තාට මැණික් ගල ලැබී ඇත්තේ ද එදින බව අනාවරණය වී ඇත.

කොල්ලකරුවන් සොරකම් කළ මැණික් ගල් දෙක මීගමුව, පැල්මඩුල්ල සහ බේරුවල ප්‍රදේශවලට රැගෙන ගොස් තිබිණි. බේරුවලදී සොයාගත් ගැණුම්කරුවකුට රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා එක් මැණික් ගලක් අලෙවි කර ඇති බවත් රුපියල් කෝටි තුනක් වටිනා බව කියන අනෙක් මැණික් ගල ගාල්ලේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ හැත්තෑවකට අලෙවි කර තිබෙන බවත් පොලිසිය පැවසීය.

එම මැණික් ගල මිලදිගත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත්තද ඔහු පොලිසියට ලබාදී තිබුනේ එම මැණික් ගල කපා ශේෂ වන ගල්කොටස් පමණි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකටත් අඩු බව මැණික් ව්‍යාපාරකයෝ පවසති.

තවද කෝටි තුනක් වටිනා මැණික් ගලෙන් වටේ තිබූ පළුදු කොටස් කපා කැරට් 56ක ගලක් කපාගෙන ඇති බව ද මැණික් ව්‍යාපාරිකයෝ කියති. ඒ අනුව එහි වටිනාකම රුපියල් දෙකෝටි අනූ ලක්ෂයක් පමණ වන අතර, එනයින් බැලු කළ වටිනාම මැණික් කොටස තවමත් සොයාගෙන නොමැත.

කෙසේ වෙතත් ලග්ගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම කොල්ලකෑමට ලක්වූ නිවසේ හිමිකරු වන ‘පොඩි රෝහණ’ නමැත්තාගෙන් අප කළ විමසුමකදී සඳහන් කළේ තම නිවසෙන් රැගෙන ගිය භාණ්ඩ වලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් තවමත් හමුව නැති බවයි. තම මැණික් ගලේ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් බව පොලිසිය සඳහන් කළත් එහි වෙළෙඳපොල වටිනාකම කෝටි තුනක් බවද ඔහු කීවේය. තවද කොල්ලකරුවන් විසින් වටෙන් කපා ඉවත් කරමින් එහි වටිනාම කොටස සඟවා ගෙන ඇති බවද පැමිණිලිකාර ව්‍යාපාරිකයා පැවසුවේය.

එසේම සැකකරුවන් විසින් කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුට කොල්ලකෑ රත්රන් වලින් කොටසක් අලෙවි කර ඇති අතර එම පුද්ගලයා විසින් ඒවා උණුකර ඇත. එලෙස උණුකර තබා ගත් පවුම් හතක රන් කැටියක් ද සමග එම සැකකරුද පසුව අත්අඩංගුවට ගෙන ඇත.

එහෙත් මෙහිදී සොරකම් කළ බව කියන රන් පවුම් 20න් තවත් පවුම් 13 ක් පමණ කවම සොයාගෙන නොමැත.

මෙම සොරකමට අදාළ තවත් සැකකරුවකු මැණික් ගල් කොටසක් විකිණීමෙන් ලද ආදායම සහ කොල්ලනක ලද මුදල් වලින් රුපියල් ලක්ෂ හතක් වැයකරමින් කුරුණෑගල ප්‍රදේශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ දහ අටහමාරක ණය මුදලක් පියවා අතර, එම පුද්ගලයාද පොලිසිය විසින් හඳුනාගෙන ඇත. ඔහුට දැනුම් දී ඇත්තේ නඩු භාණ්ඩ ලෙස ඇති එම මුදල් ලග්ගල පොලිසියට බාරදෙන ලෙසයි.

ඒ අනුව කොල්ලයට සම්බන්ධ සැකකරුවන් දස දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් සැකකරුවෙකුගෙන් තවදුරටත් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ පැවසීය.

නිවසෙන් කොල්ලකෑ මැණික් ගල් දෙකෙන් රුපියල් කෝටි තුනක පමණ මැණික් ගල කොටස් වශයෙන් අලෙවි කර තිබෙන බවත් පවුම් විස්සක රත්රන් වලින් පවුම් හතක් පමණක් සොයාගෙන තිබේ. එමෙන්ම කොල්ලකෑ මුදල රුපියල් ලක්ෂ හතළිස් දෙකක් බව සැකකරුවන්ගේ ප්‍රකාශ මගින් අනාවරණය වූ බවද පොලිසිය පැවසීය. සෙසු දේපළ හා මුදල් සොයාගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කොල්ලයෙන් උපයාගත් රුපියල් ලක්ෂ 31ක මුදල්, රත්රන් පවුම් හතක්, මැණික් ගල් කැබලි කිහිපයක්, රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා කර්ටින් රෙදි ඇතුළු දේපළ ද පොලිසිය විසින් සොයිගෙන තිබේ.

කොල්ලය කිරීමට යොදාගත් ව්‍යාජ පිස්තෝල, ප්ලාස්ටර් සහ ජැකට් ආදිය මෙන්ම කොල්ලය සඳහා පැමිණි වෑන් රථයද පොලිසිය බාරයට ගෙන ඇත.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේගේ උපදෙස් මත ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පද්මරාජ්ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ, උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, සැරයන්වරු වන කුමාරසිංහ (14751), රංජිත් (21662), චමින්ද (39203), රිබේරා (67302),සෝමරත්න (44868), පොලිස් කොස්තාපල්වරු වන රාජපක්ෂ (87184), අමිත් (82288), වීරකෝන් (83098) සහ විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් ජයන්ත (79500) හා පොලිස් කොස්තාපල් ජයන්ත (79755) යන නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.

මෙම කොල්ලයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති පසුබිමක සෙසු දේපළ සොයාගැනීම මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඇති ඒකකයකට පරීක්ෂණ යොමුකරන ලෙස පැමිණිලිකරු ඉල්ලා සිටියි. එසේම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ මාතලේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා යටතේ කණ්ඩායම විමර්ශන සිදුකරන අවස්ථාවේදී ලග්ගල පොලිසිය මෙම අපරාධයට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද මකා දමා තිබූ බවත් එම දර්ශන මාතලේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් යළි සොයාගත් බවත් සෙසු මැනික් ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

මෙම අපරාධය සිදුවූ දිනයේදී මෙය ව්‍යාපාරිකයා විසින්ම කරගත් නාටකයක් බවට හුවා දැක්විමට ලග්ගල පොලිසියේ ඇතැම් නිලධාරින් උත්සහා දැරූ බවත් එසේම විමර්ශනය අතරමග නැවතීමේ උත්සහායන්ද ක්‍රියාත්මක වූ බවත් පවසන ලග්ගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෝ මෙය එවැන්නක් සිදුවූ පළමු අවස්ථාව නොවන බවද අවධාරණය කළහ.

මේ සිදුවීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා පොලිස් නිලධාරියෙකුට පවසා ඇත්තේ ෂර්ලොක් හෝම්ස් මෙන් මෙය සොරකම විසඳන ලෙසයි. එවිට පොලිස් නිලධාරියා පිළිතුරු දී ඇත්තේ ෂර්ලොක් හෝම්ස් කියන එකාද ඔයාට සැක? වැනි නූගත් පිළිතුරකි. එමෙන්ම ෂර්ලොක් හෝම්ස්වත් වැරැදිකරුවකු කරන්නැයි ඔහු අසා තිබේ.

Post Views: 9
Previous Post

මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කරනවා

Next Post

පීඩාවට පත් ධීවර ජනතාවට කඩිනමින් සහන

Editor TTV News

Editor TTV News

Next Post
පීඩාවට පත් ධීවර ජනතාවට කඩිනමින් සහන

පීඩාවට පත් ධීවර ජනතාවට කඩිනමින් සහන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved