බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනා අනුව අත්අඩංගුවට ගෙන පසුගිය 02 වනදා රක්ෂිත බන්ධානාගාර ගත කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (07) ඇප මත මුදාහැර තිබේ.
ඔහු අද(07) අනුරාධපුර මහේස්ත්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
එමෙන්ම ලබන 14 වනදා ලාල් කාන්ත මහතාට අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
ලාල්කාන්තා මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කියා සිටියේ අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර සිටින කාන්තාවට රුපියල් ලක්ෂයක මුදලක් සානුකම්පිත දිමනා මත ලබාදෙන බවයි.
පෙර පුවත්