මාස කිහිපයක් පුරා පැවැති ලාෆ් ගෑස් හිඟය ඊයේ (24වැනිදා) සිට අවසන් වු බව ලාෆ් ගෑස් සමාගම පවසයි.
ගෑස් නොමැති වීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටි අතර ලාෆ් ගෑස් සමාගම ප්රකාශ කරන්නේ ගල්ෆ් යුද වාතාවරණය හේතුවෙන් ගෑස් පැටවීමේ ප්රමාදයක් ද සිදු වූ බවයි. ගෑස් පැටවු නෞකාව හම්බන්තොට වරායට ඊයේ (24 වැනිදා ) ළඟාවූ අතර බෙදා හැරීමේ කටයුතු අද සිට (25වැනිදා) ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගමේ සභපති ඩබ්ලිව්.කේ එච්. වෑගපිටිය ‘අරුණ’ ට කීවේය.
තවද ගෑස් ඉල්ලුමට සරිලන පරිදි හිඟයකින් තොරව දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයුම අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරින් දැනුවත් කර තිබේ.