නොසලකා හරින ලද නිවර්තන රෝගයක් ලෙස සැලකෙන Snail Fever (ෂිස්ටොසොමියැසිස්) රෝගය පතුරුවන පරපෝෂිතයන්, වර්තමානය වන විට වඩාත් ප්‍රබල ලෙස පරිණාමය වෙමින් පවතින බව විද්‍යාඥයින් අනාවරණ කරයි. මෙම පරපෝෂිතයන් සම හරහා ශරීරයට ඇතුළු වී රුධිරයේ සැඟව සිටිමින් අක්මාව, පෙනහලු සහ විශේෂයෙන්ම ලිංගික අවයව තුළ බිත්තර තැන්පත් කරයි. වසර ගණනාවක් පුරා සිරුර තුළ හඳුනාගත නොහැකිව පැවතිය හැකි මෙම රෝගය, අප්‍රිකානු කලාපයට අමතරව චීනය, වෙනිසියුලාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 78කින් දැනටමත් වාර්තා වී ඇත.
පර්යේෂණවලට අනුව, මානව සහ සත්ව පරපෝෂිතයන් එකිනෙකා සමඟ සම්බන්ධ වීමෙන් අතිශය භයානක ‘දෙමුහුන් ප්‍රභේද’ බිහි වෙමින් පවතී. මෙම නව විකෘති ප්‍රභේද වත්මන් වෛද්‍ය පරීක්ෂණ මගින් හඳුනා ගැනීම අසීරු වී ඇති අතර, ඒවායේ බිත්තර අන්වීක්ෂයකින් බැලූ විට සාමාන්‍ය පරපෝෂිත බිත්තර ලෙස දිස් නොවේ. මේ හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් (STD) ලෙස වැරදි ලෙස වටහා ගැනීමේ අවදානමක් ද පවතී. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් වඳභාවය, පිළිකා සහ දරුණු අවස්ථාවලදී මරණය පවා සිදුවිය හැක.
දේශගුණික විපර්යාස සහ සංක්‍රමණික ක්‍රියාවලීන් හේතුවෙන් මෙම රෝගය අප්‍රිකාවෙන් බැහැර යුරෝපය වැනි කලාපවලට ද ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 2006 වසරේ සිට රෝගීන් වාර්තා වීම 60%කින් අඩු වී තිබුණද, පර්යේෂණ සඳහා ලැබෙන මූල්‍ය ආධාර 41%කින් කපා හැරීම මෙම මාරාන්තික රෝගය තුරන් කිරීමේ ඉලක්කයට දැඩි බාධාවක් වී ඇත. මෙම පරපෝෂිතයා ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් වීමට පෙර කඩිනම් පියවර ගත යුතු බව විද්‍යාඥයින් අවධාරණය කරයි.














