20 September 2024
#දේශීය #පුවත්

ලි පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි

මෙවර ජනාධිපතිවරණය සඳහා මෙතෙක් භාවිතා කළ ලී පෙට්ටි වෙනුවට විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටියක් හඳුන්වා දී ඇතැයි ත්‍රිකුණාමලය තේරීම් භාර නිලධාරි හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .

මෙම විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටිය ආරක්ෂිත එකක් වන අතර මෙවර ඡන්ද පත්‍රිකාව වැඩි දිගකින් යුක්ත වීම නිසා වඩාත් ඉඩකඩ ඇති උස සහිත කාඩ්බෝඩ් පෙට්ටයක් ඡන්ද පෙට්ටිය ලෙස හඳුන්වා දී ඇති බව කීහ .

එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද දායක සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ප්‍රමාණයන් තුනකින් මෙම කාඩ්බෝඩ් පෙට්ටි වර්ග තුනක් හඳුන්වා දී ඇති අතර සුපුරුදු පරිදි ඡන්දය ප්‍රකාශ කිරීම නිමාවිමෙන් පසු මුද්‍රා තැබීමට සිදුකළ හැකි ආකාරයට සකසා ඇති බව තේරීම් භාර නිලධාරියා කීහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *