ඉරානය සහ ඇමරිකාව අතර ඇති වී තිබෙන සටන් විරාම ගිවිසුම අස්ථාවර කිරීමට ලෙබනනය වෙත එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතු විය හැකි බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) අනතුරු අඟවයි. අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ඊශ්‍රායලය විසින් සිදුකරන මෙම ප්‍රහාර එල්ල කිරීම් “දැඩි හානිකර” ක්‍රියාවක් බවයි.
දැනට පවතින සටන් විරාමය ලෙබනනය දක්වා ද ව්‍යාප්ත කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් මුළු කලාපයම අස්ථාවර වීමේ අවදානමක් පවතින බවත් ඇය අවධාරණය කළාය. එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් පාවිච්චි කරන ඇතැම් ප්‍රකෝපකාරී ප්‍රකාශ “භයානක” සහ “සම්පූර්ණයෙන්ම වැරදි” සහගත බව ද විදේශ ලේකම්වරිය මෙහිදී ප්‍රකාශ කළාය.
ඇමරිකාව ඉරානය සමඟ පවතින ගැටුම් සඳහා බ්‍රිතාන්‍යයේ සහාය අපේක්ෂා කළ ද, කලාපීය සාමය වෙනුවෙන් ඇමරිකාවේ ප්‍රවේශයට වඩා වෙනස් ස්ථාවරයක සිට කටයුතු කිරීමට බ්‍රිතාන්‍යය සූදානම් බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා බ්‍රිතාන්‍යය මේ වන විට අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.

















