• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෙස්ටර් ජේම්ස් පීරිස් කෞතුකාගාරය අතරමග නතර වෙ

කෝටි ගණනක මුදල් අවභාවිතයක් හෙළිවේ

7 February 2026
in දේශීය, පුවත්
ලෙස්ටර් ජේම්ස් පීරිස්  කෞතුකාගාරය අතරමග නතර වෙ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සිනමා ක්ෂේත්‍රයේ අසහාය සලකුණ වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිහිපත් කරමින් ජාතික චිත්‍රපට සංස්ථා භූමියේ ඉදි කිරීමට සැලසුම් කළ කෞතුකාගාරය සහ පුස්තකාල ව්‍යාපෘතිය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 2024 වසර සඳහා නිකුත් කළ නවතම විගණන වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ උපදේශන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වෙන් කර තිබියදීත් එහි ප්‍රගතියක් දක්නට නැත. විශේෂයෙන්ම 2019 වසරේදී මෙම කටයුතු ආරම්භ කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ හෝ අමාත්‍ය මණ්ඩලයේ නිසි අනුමැතියක් නොමැතිව රුපියල් ලක්ෂ තිහකට අධික මුදලක් ගෙවා තිබීම බරපතළ මූල්‍ය අක්‍රමිකතාවක් ලෙස එම වාර්තාවේ පෙන්වා දී තිබේ.
මෙම ව්‍යාපෘතියේ අසාර්ථකත්වය පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී ද දැඩි අවධානයක් යොමු වී ඇති අතර එහිදී ජාතික චිත්‍රපට සංස්ථාවේ පවතින තවත් මූල්‍ය දුර්වලතා රැසක් හෙළි වී ඇත. සංස්ථාව විසින් විවිධ චිත්‍රපට නිෂ්පාදකයන්ට සහ සිනමා ශාලා වෙත ලබා දුන් රුපියල් කෝටි පනහකට ආසන්න ණය මුදල් සහ හිඟ මුදල් ප්‍රමාණයක් වසර විසිපහකට අධික කාලයක් තිස්සේ අය කර ගැනීමට අපොහොසත් වීම ඉන් ප්‍රධාන කරුණකි. රජයේ මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් පවතින මෙම දැඩි උදාසීනත්වය මගින් ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව චිත්‍රපට ආනයනය, බෙදාහැරීම සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක පිරිවැයකින් පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබුණ ද එය ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. 2025 වසරේ මැයි මස වන විටත් එම පද්ධතිය ස්ථාපනය කර නොතිබූ පසුබිමක ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තිහකට අධික මුදලක් ගෙවා තිබීම විගණන විමර්ශනවලදී තහවුරු වී තිබේ. 2018 වසරේදී අභාවප්‍රාප්ත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නාමය අනුස්මරණය කිරීමට ගත් උත්සාහය මෙලෙස පරිපාලන සහ මූල්‍ය දූෂණ හේතුවෙන් අතරමග නතර වීම සිනමා ලෝලීන්ගේ දැඩි කණගාටුවට හේතු වී ඇත.
Post Views: 0
Previous Post

බන්ධනාගාර තුළ දරුණු තදබදයක්

Next Post

පොලිස් බැරැක්කයේ ගැටුමක්

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් බැරැක්කයේ ගැටුමක්

පොලිස් බැරැක්කයේ ගැටුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

7 February 2026
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

7 February 2026
ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු  සිය ගණනක් අත්අඩංගුවට

ඊයේ පොලිස් සෝදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 422ක් ඇතුළු සිය ගණනක් අත්අඩංගුවට

7 February 2026
‘දිට්වා’ නිසා අසරණ වූ  දරුවන් 103ක්

‘දිට්වා’ නිසා අසරණ වූ දරුවන් 103ක්

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්: රුපියල් කෝටි 8,000ක විදේශ විනිමයක් මෙරටට

7 February 2026
විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක්  ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved