• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොකු ළූණු ගැන ඇහෙන කතා

6 November 2025
in දේශීය, පුවත්
ලොකු ළූණු ගැන ඇහෙන කතා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලොකු ලූනු ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන බව වැවිලි සහ කෘෂිකර්ම ඇමැතිවරුන් පැවසුවද දේශීය ලොකු ලූනූ කිලෝවක් මාසයකට වඩා කල් තබාගැනීමට නොහැකි බවට වෙළෙඳ ඇමැතිවරයා පැවසීම හේතුවෙන් දේශීය ලොකු ලූනූ ගොවීහු දැඩි අර්බුදයකට මුහුණපා සිටිති.

මේ අතර වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මාධ්‍ය හමුවේ කියා සිටියේ ලොකු ලූනූ ගොවීන්ට සාධාරණ මිලක් නිසි පරිදි ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරගැනීමට නොහැකිවීමේ අඩුපාඩුවක් පවතින බව පිළිගන්නා බවයි.

එමෙන්ම කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත කියා සිටියේ සතොස නියම කර තිබෙන ප්‍රමිතීන්ට ලොකු ලූනූ සැපයීමට ගොවීන්ට නොහැකි බවයි.

‘‘ගොවීන්ට අල, ලූනූ ප්‍රශ්නයක් තිබෙනවා. දැන් කියනවා කිලෝවකට අල්ලන්න ඕනෑ ලොකු ලූනූ ගෙඩි අටයි. ගොවියා අහනවා එච්චර ලොකු ලූනූ ගෙඩි හදන්න රජය අපිට අහවල් එක දුන්නාද කියලා. ඒකත් ඇත්ත. හැබැයි ඒ කියන සයිස් එකේ ගෙඩි දෙන්න ගොවියාට බෑ. හැබැයි ප්‍රමිතියකුත් ඕනෑ. ලූනූ ගොවියා තවම බේරිලා නෑ. ඒක අපි පිළිගන්නවා’’ යැයි කෘෂිකර්ම ඇමැතිවරයා පැවසීය.

එහෙත් වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ කියා සිටියේ ආනයනික ලොකු ලූනූ කිලෝවක් උපරිම මාස තුනක කාලයක් තබාගත හැකි බවත් දේශීය ලොකු ලූනූ කිලෝවක් මාසයකට වැඩි කාලයක් තබාගැනීමට නොහැකි බවත්ය.

තවද දේශීය ලොකු ලූනූ කල් පවත්වා ගැනීමේ බරපතළ ගැටලුවක් පවතින බැවින් මේ සඳහා පුරුදු පුහුණු කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි.

දේශීය ලොකු ලූනූ නිෂ්පාදනය ඉකුත් වසරට (2024) සාපේක්ෂව මේ වසරේදී හතර ගුණයකින් වැඩි බවත් ඒ අනුව මේ වසරේ මෙට්‍රික් ටොන් පනස් දහසකට (50,000) ආසන්න ලූනූ නිෂ්පාදනයක් තිබෙන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ලූනූ ප්‍රශ්නය, අල ප්‍රශ්නය මෙරට සමාජයට ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ මෙරට අල සහ ලූනූ අවශ්‍යතාවත් ඒවා ආනයනයත් අතර තිබෙන සම්බන්ධය හරිහැටි හඳුනාගෙන ඊට නිසි විසඳුමක් ලබානොදීම නිසා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉකුත් වසරේදී (2024) මෙට්‍රික් ටොන් දෙලක්ෂ විසිදහසකට (220,000) ආසන්න ලොකු ලූනූ ප්‍රමාණයක් ආනයනය කර තිබෙන බවත් මෙරට ලොකු ලූනූ නිෂ්පාදනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් දසදහසත් (10,000) – පහළොස් දහසත් (15,000) අතර ප්‍රමාණයක් බවත් ඔහු කීවේය.

මේ වසරේ (2025) ගතවූ කාලයේදී මෙට්‍රික් ටොන් දෙලක්ෂ විසිදහසත් (220,000) දෙලක්ෂ හතළිස්දහසක් (240,000) අතර ලොකු ලූනූ ප්‍රමාණයක් ආනයනය කර තිබෙන බවද අගෝස්තු 25 වැනිදා ලොකු ලූනූ කිලෝ ග්‍රෑමයකට රුපියල් 50ක බදු පැනවීමෙන් පසුව සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආනයනික ලොකු ලූනූ ලැබී තිබුණේ මෙට්‍රික් ටොන් හත්දහසක් (7,000) පමණක් බවද හෙතෙම පැවසීය.

එමෙන්ම ඔක්තෝබර් මාසයේදී ලොකු ලූනූ මෙට්‍රික් ටොන් දොළොස් දහසක් (12,000) ආනයනය කර තිබූ බවද ඊට පෙර මාස අටේදීම මාසයකට මෙට්‍රික් ටොන් විසිපන්දහසකට (25,000) වැඩි ප්‍රමාණයක් ලොකු ලූනූ ආනයනය කර තිබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තවද ගොවියාට සහනයක් ලබාදීම සඳහා රුපියල් 10ක්ව පැවැති ආනයනික බද්ද රුපියල් 50ක් දක්වා රුපියල් 40 කින් වැඩි කිරීමට කටයුතු කළ බව මෙරට ලොකු ලූනූ පාරිභෝජනය මාසයකට මෙට්‍රික් ටොන් විසිපන්දහසක් (25,000) බවද ඔහු පැවසීය.

එලෙස බදු පැනවීම සිදු කරනු ලැබුවේ දේශීය වෙළෙඳපොළට ලූනූ ලැබීමට පෙරදී එනම් අගෝස්තු මාසයේ මුලදී බවත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ආනයනය කරන ලොකු ලූනූ අස්වනු ප්‍රමාණය ඊට පෙර මාසවලට වඩා අඩුවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ වනවිට සතොස ආයතනය විසින් ගොවීන්ගෙන් ලොකු ලූනූ කිලෝග්‍රෑම් හැත්තෑ දහසකට (70,000) වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන බවත් රුපියල් 140 – 145ත් අතර මිලකට ලොකු ලූනූ මිලදී ගන්නා බවත් ඔහු පැවසීය.

-අරුණ

Post Views: 7
Previous Post

අද වහින හැටි

Next Post

මහරගම – පිළියන්දල අයට සතුටු පුවතක් !

Editor TTV News

Editor TTV News

Next Post
මහරගම – පිළියන්දල අයට සතුටු පුවතක් !

මහරගම – පිළියන්දල අයට සතුටු පුවතක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved