ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව “ප්‍රයිම් ටයිමර්ස්” නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. “ප්‍රයිම් ටයිමර්ස්” ගායන කණ්ඩායමේ සාමාජිකයන් 17 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 87 ත් 99 ත් අතර වේ.
ඒ අනුව “ප්‍රයිම් ටයිමර්ස්” ගායන කණ්ඩායමේ සාමාන්‍ය වයස අවුරුදු 94 කි. එක්සත් රාජධානියේ වැඩිහිටි නිවාස පවත්වාගෙන යන රන් වුඩ් හෝම්ස් නම් සමාගමට අයත් වෝර්වික්ෂයර්හි වැඩිහිටි නිවාස 7ක සාමාජිකයන්ගෙන් මෙම ගායන කණ්ඩායම නිර්මාණය වී ඇත.
එරට ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී පැවැති නත්තල් කැරොල් ගී ප්රසංගයේදී ලෝක වාර්තාව බිඳීමේ අදහසින් “ප්‍රයිම් ටයිමර්ස්” ගායන කණ්ඩායම පිහිටුවාගෙන තිබිණි.
ඇතැම් “ප්‍රයිම් ටයිමර්ස්” සාමාජිකයන් මීට පෙර කැරොල් ගී ගායනා කර ඇතත් බොහෝ දෙනා මීට පෙර කැරොල් ගී ගායනා කර නොමැති සාමාජිකයන් බවද පැවැසෙයි.