බෙල්ජියමේ Tomorrowland සංගීත ප්රසංගය පැවැත්වෙන ප්රධාන වේදිකාවේ ගින්නක් ඇති වී තිබෙනවා.
සංගීත ප්රසංගය පැවැත් වීමට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව ඇති බව සදහන් වන අතර ඇති වූ ගින්නෙන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
එමෙන්ම ගින්නෙන් එහි සිටි කිසිදු පුද්ගලයෙක්ට හානි සිදු වි නොමැති මුත් වේදිකාවට දැඩි හානි සිදුව තිබෙනවා.
මෙම විචිත්රවත් සංගීත උළෙල ලබන සිකුරාදා දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙන බවයි විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
මෙම සංගීත ප්රසංගය සති අන්ත දෙකක් පුරා පැවැත් වීමට තිරණය ගෙන තිබෙන අතර ඒ සඳහා පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇති.