ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කෙරිණ.
ඒ අනුව දින 03 ක් පුරා ක්ෂේත්‍ර නිරික්ෂණය කිරීමෙන් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුලු නියෝජිත පිරිස අද (17) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කිරිමට කටයුතු කරන ලදි.
මෙහිදී ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග මර්දනය සහ පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ඉතා විශිෂ්ට මනා කළමණාකරණයකින් සහ සාධනීය මට්ටමක පවතින බව එම නියෝජිත පිරිස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත පෙන්වා දුන්නේය.
මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිස වෙත පෙන්වා දෙන ලද්දේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි. ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග පාලනය, මර්දනය සහ ප්‍රතිකාර සේවා අංශයන් ද ශක්තිමත් කිරිමට ද පියවරගෙන ඇති බව පෙන්වා දෙන ලදි.
මෙවැනි සමාලෝචන තුලින් රෝග වැළැක්වීම, පාලනය, පවතින උපාය මාර්ග සහ අඩුපාඩු පිළිබද දැනුවත්වීම මෙන්ම අභියෝගවලට මුහුණ දීම ඉහළ නැංවීමට හැකියාව ද ලැබෙන බව පෙන්වා දෙන ලදි.
 
			 
                                
 
                                
 
							












