ලංකාවේ ගොඩක් අයට වකුගඩු වල ගල් ගැටලුව තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන හරියට දන්නේ නැහැ. ඉතින් අද ඒ ගැන..
වකුගඩු වල ගල් තිබුනම එන රෝග ලක්ෂණ මොනවද?
- යටි බඩේ හෝ කොන්දේ වේදනාව.
- මූත්‍රා කරද්දි දැවිල්ලක් හෝ වේදනාව.
- මුත්‍රා රතු හෝ රෝස පාට වීම හෝ වළාකුළු වගේ පෙනුම.
- සමහර අයට ගල් තිබුණත් ලක්ෂණ නැති වෙන්නත් පුළුවන්.
වකුගඩු ගල් කියන්නේ මොනවද?
වකුගඩු ගල් කියන්නේ වකුගඩුව ඇතුළේ කැල්සියම්, යූරික් අම්ලය වගේ දේවල් එකතු වෙලා හැදෙන ව්‍යුහ.
ඒවා වැලි කැටයක් තරම් පුංචි ඒවා වෙන්නත් පුළුවන්, ලොකු ඒවා වෙන්නත් පුළුවන්.
ඇයි වකුගඩු වල ගල් හැදෙන්නේ?
වකුගඩු ගල් හැදෙන්න හේතු ගොඩක් තියෙනවා:
ජලය අඩුවෙන් බොන එක.
ආහාර රටාව (ලුණු, සීනි, රතු මස්, processed food වැඩිපුර ගන්න එක)
වෙනත් තත්ත්ව – තරබාරුකම, ඩයබටිස්, යූරික් අම්ලය වැඩි වීම (gout).
වකුගඩු වල ගල් හැදෙන එකෙන් වැලකෙන්නේ කොහොමද?
ජලය බොන්න (දවසට ලීටර් 2-3 ක් වත් බොන්න. රස්නේ දවස්වල ඊටත් වැඩිපුර)
සිට්‍රස් පලතුරු ආහාරයට ගන්න (දෙහි, දොඩම්, නාරං වගේ ඒවා ගල් හැදෙන එක අඩු කරනවා)
පෝෂ්‍යදායී ආහාර (ලුණු, සීනි, රතු මස්, fast food අඩු කරලා එළවළු, පලතුරු වැඩි කරන්න)
ව්‍යායාම කරන්න (තරබාරුකම ගල් හැදෙනවට හේතුවක්)
පරීක්ෂණය කරන්නේ කොහොමද?
Ultrasound – ගල් තියෙනවද, කොහේද කියලා බලන්න කරන පහසුම පරීක්ෂණය.
CT Scan – ගල්වල ප්‍රමාණය, තැන හරියටම හොයාගන්න පුලුවන්.ප්‍රතිකාර කරන්නේ කොහොමද?
ගලේ size එක, ගල් තියෙන තැන එක්ක ප්‍රතිකාර තීරණය වෙනවා.
පුංචි ගල් : ජලය වැඩිපුර බොනකොට ගල් එළියට එන්න පුලුවන්.
ලොකු ගල්: Lithotripsy (ශබ්ද තරංගවලින් ගල් කුඩු කරන එක)
Operation කරලා ගල් ඉවත් කිරීම. (Ureteroscopy හෝ වෙනත් surgery)
වකුගඩුවල තියෙන එකෙන් එන්න පුළුවන් අවදානම් තත්ත්ව මොනවද?
මුත්‍රා මාර්ග ආසාදන වෙන්න පුලුවන් – ගල් තියෙන නිසා මූත්‍ර වලට බැක්ටීරියා එකතු වෙන්න පුළුවන්.
මුත්‍රා මාර්ගය අවහිර වීම
වකුගඩු වලට හානි වීම – දිගටම ගල් තිබුණොත් වකුගඩුවේ ක්‍රියාකාරිත්වයට හානි වෙන්න පුළුවන්.
ඉතින් රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවෙන්න.
- වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න