වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කර සිටියේ වගා නොකළ කුඹුරු ඉඩම් වගා කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවයි
‘එක මිටට ගොවි බිමට’ වැඩසටහන යටතේ දිවයින පුරා කළ සමීක්ෂණයේදී වගා නොකළ කුඹුරු ඉඩම් අක්කර 68,000කට අධික ප්‍රමාණයක් හඳුනා ගෙන තිබෙන අතර, එම සමීක්ෂණයේදී හඳුනාගත් වගා නොකළ ගොඩ ඉඩම් ප්‍රමාණය 29000 කට අධික බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ වසර 40ක් පුරන්ව පවතින කුඹුරු ඉඩම්වල ස්ථිර භෝග වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.