• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව බිමල් කියයි

5 March 2024
in දේශීය, පුවත්
වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව බිමල් කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් ආර්ථික අපරාධ කර එහි විපාක තක්කඩිකමින් ජනතාව මත පැටවීමටත් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) ජාතික ජන බලවේගයේ පැවැති මාධ්‍ය හමුවකදිය.

එහිදී වැඩිදුරටත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා මෙසේ අදහස් පල කලේය “ රාජ්‍ය සම්පත් විකුණමින් අති විශාල ජාතික ව්‍යසනයක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව යුහුසුළුව ක්‍රියාකරනවා. පසුගිය අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද අප අනුගමනය කළේ යහපත් ප්‍රතිපත්ති නොවේ යනුවෙනි. ඔහු මෙතන අප කියලයි හඳුන්වන්නේ. නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 76ක කාලයෙන් 47ක් අවුරුද්දක් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් අගමැති සහ ජනාධිපති ලෙෂත් කටයුතු කර තිබෙනවා. ඔහුගෙන් තොරව තිබෙන්නේ අවුරුදු 30ක්. ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය 77 සිට ප්‍රධාන නායක මණ්ඩලයේද ක්‍රියාකොට තිබෙනවා. එසේ ක්‍රියාකළ ඔහු රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද යහපත් ක්‍රියාවන් අනුගමනය නොකළ බව කියනවා. ඔහු සම්බන්ධ වුණු 47 අවුරුද්ද තුළ රාජ්‍ය ව්‍යවසායන් වගේම රටේ සම්පත් විනාශ කර, කිසිම හිරිකිතයකින් තොරව මෙවැනි ප්‍රකාශ සිදුකරනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කල්ලියට අප අවධාරණයෙන් කියන්නේ තමන් විසින් කළ අපරාධ ජනතාව මත පටවන්නේ නැතුව තමන් විසින්ම බාරගන්නා ලෙසයි. මේ පාලකයින්ගෙන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් අපරාධකරුවන් ලෙස අධිකරණයෙන් පවා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය, මිල්කෝ සමාගම ඇතුළු ජාතික පශු සම්පත් මණ්ඩලයේ ආයතන වලින් සමහර ඒවා ලාභ ලබමින් තිබියදී පවා වගකීම් විරහිතව කුණු කොල්ලයට විකිණීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටිනවා. රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් ආර්ථික අපරාධ කරලා, එහි විපාක තක්කඩිකමින් ජනතාව මත පැටවීමටත් කටයුතු කරනවා.

අපේ රට මේ වනවිට විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනවලට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 30ක් පමණ ණයයි. ණය ගෙවීම අත්හිටුවීම සහ පොළී එකතුවීමත් එක්ක විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනවලට ඇති ණය ඩොලර් බිලියන 30 දක්වා වාර්ධනය වී තිබෙනවා. අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම් අත්සන් කරන කොට තිබුණේ ඩොලර් බිලියන 28.5යි. මේ ඩොලර් බිලිය 30න් ඩොලර් බිලියන 12.5ක්ම අවුරුදු 4 1/2ක දී ලබාගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී. මේ ආර්ථික අපරාධයේ ප්‍රධානම වගඋත්තරකරුවන් ඔවුන්. ඔවුන් දැන් ජනතාවට කියන්නේ ණය ගෙවන්න බැරි නිසා රටේ සම්පත් විකුණන බවයි. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහගේ, රාජපක්ෂලාගේ වත්තක ඉන්නවා නම් එහෙම කියන්න පුළුවන්. රටේ දේපොළ රනිල් වික්‍රමසිංහගේවත්, රාජපක්ෂ කල්ලියේවත් නොවෙයි. තමන් විසින් කරන ලද අපරාධවල වැරැද්ද ජනතාව මත පැටවීම අපි මුළුමනින්ම හෙළා දකිනවා. හෙළා දැකීම පමණක් නොව මෙයට එරෙහිව වෘත්තිය සමිති මට්ටමෙන් සහ ජනතාව ලෙස නැගී සිටිය යුතුයි.

රාජ්‍ය ආයතන විනාශයට ගමන් කරන්නේ කල් පැන ඇති නිසා නොවෙයි, රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, බණ්ඩාරනායකලා, ජේ.ආර්.ලා, දේශපාලන හෙංචයියන් මේ ආයතනවලට පත්කිරීම නිසයි මේ විනාශය සිදුවුණේ. ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන්නේ ඒ ආයතනයේ සේවය කරන අයගේ වරදකින් නොවේ. නිමල් සිරිපාල ගුවන් සේවා ඇමති ලෙස සිටියදී ජපන් ණය මත ක්‍රියාත්මක කරන්න ගිය ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම එරටෙන් නතර කළේ ඇමතිගේ වංචා-දූෂණ නිසා බව පැහැදිලියි. නමුත් විකාරරූපී කමිටුවකින් පරීක්ෂණ පවත්වා ඔහුව නිදහස් කළා. ඒ ඇමති පසුගිය දිනෙක ප්‍රකාශ කළේ ගුවන් යානයකට මීයෙක් ඇතුළුවීම නිසා ගුවන් යානා ප්‍රමාදවීමෙන් මේ ආයතනය විකුණා ගැනීමටත් නොහැකි වන බවයි. ශ්‍රී ලංකන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී පමණක් නොවෙයි, එවැනි මිලදී ගැනීම්වලට අත්සන් කළ ගිවිසුම් අවලංගු කිරීමේදී පවා පගාව ගත්තා.

මීළඟට රට ප්‍රවේශ වෙන්නේ ඩිජිටල් ආර්ථිකයට නම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතාමත්ම වැදගත්. ලංකාවේ අනාගත ආර්ථිකයේ කොන්ද ටෙලිකොම් ආයතනයයි. ඒ ආයතනය විකුණන්න කරන උත්සාහයේදීත් වංචා කිරීමට විරුද්ධව එක ටෙන්ඩර්කරුවෙක් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ආර්ථික විද්‍යාඥයන් යනුවෙන් නම්කර ගත් ගිරව් කණ්ඩායමක් ලබාදුන් උපදෙස් මත මේ රට බංකොලොත් වුණා. රජයට අයත් පශු සම්පත් මණ්ඩලය වැනි ආයතන විද්‍යාත්මක සැලැස්මක් මත ගොඩනැගූ ඒවා. ප්‍රමිතියෙන් යුතු කිරි ආහාර නිෂ්පාදනය කරන්න මිල්කෝ ආයතනයත් එයට පශු සම්පත් මණ්ඩලයට අයත් වතු 31ක් පමණ තිබෙනවා. නමුත් දැන් මේ ආයතනය විකුණන්න සූදානම් වෙන්නේ ඉන්දියාවේ රජයට සම්බන්ධ අමූල් කියන සමූපකාර සමාගමට. අපේ රටේ රාජ්‍ය අංශයට ව්‍යාපාර කරන්න බැරි බව කියා විකුණන්න දානකොට ඉන්දියාවේ රජයට සම්බන්ධ අයි.ඕ.සී. සමාගම, චීන රජයේ සිනොෆැක් ආයතන වගේ රාජ්‍ය ආයතනවලින් මේ රටේ ආයතන මිලදී ගන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදලින් රජය පවත්වාගෙන ගිය ආයතන විකිණීමේ ප්‍රධානම අරමුණ මංකොල්ල කෑමයි.

විනිවිදභාවයකින් යුතුව අපේ රටට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට අපි එකඟයි. ආයෝජන කැඳවා ගැනීමත් පවතින රාජ්‍ය ආයතන විකුණා දැමීමත් කියන්නේ දෙකක්. 1977 සිට 2017 දක්වා වසර 40ක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළේ දේශීය ව්‍යාපාර හෝ කර්මාන්ත ගොඩනැගීමේ ප්‍රතිපත්තියක් නොවේ. අවුරුදු 40ටම ලංකාවට ආව ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 40යි. පහළම මට්ටමේ ඉඳලා පගාව දීමට අවශ්‍ය නිසා විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. ලංකාවේ ජනතාව විසින් ගොඩනඟා පවත්වාගෙන ගිය ආයතන ගන්න පැමිණෙනවා මිස නව කර්මාන්ත සහ සේවා ආරම්භ කරන්න විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. අඩුම තරමේ රුකියා ටිකක් දෙන්න පුළුවන් ආයෝජන ලංකාවට එන්නේ නැහැ. ටෙලිකොම් ආයතනය, වරාය, ඛනිජ තෙල්, විදුලි බල මණ්ඩලය වගේ ආයතන මෙරට මහජන මුදලින් ගොඩනගාගෙන පවත්වාගෙන ගිය ආයතනයි. අඩුම ගානේ පාසල් දරුවන්ට පැක්සල් ටිකක් පෑන් ටිකක් හදන්න ආයොජකයන් එන්නේ නැහැ.

ජනතාවගෙන් කොන්වුණු දූෂිත පාලකයන්ගෙන් විකුණන දේපළ ගන්න ලෝකයේ ඉන්න දූෂිත ව්‍යාපාරිකයෝ එනවා. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළු ජාතික සම්පත් අත්‍යවශ්‍යයි. ලංකාවේ අනාගතය අහුරා දමන විකිණීම වෙනුවට ඇත්ත ආයෝජයන් කැඳවන ලෙස අපි රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා. සම්පත් විකුණා අසාර්ථක වීමක් සම්බන්ධයෙන් හොඳම උදාහරණය මහා බි්‍රතාන්‍යයි. රටේ ජල සම්පත විකුණා දැමීමෙන් පසු ජනතාවට අවශ්‍ය ජලය සපයා ගන්න නොහැකිව බ්‍රිතාන්‍ය පාලකයන් සිටිනවා. ඒ රටේම දුම්රිය විකුණා දැමීමෙන් පසුව ගුවන් ගමනකට වඩා වියදමක් කෝච්චියෙන් යන්න දරන්න සිදුවී තිබෙනවා. දැන් නැවත පවරාගන්නත් බැරිව ඉන්නවා. හතළින් අවුරුද්දක් තිස්සේ රට ඉන්දියන් සාගරයේ ගිල්වා දමා තිබෙනවා. ඉතිරිවී තිබෙන ජාතික සම්පත් ටික රැකගැනීමට මහානායක ස්වාමීන් වහන්සේලාත් වෘත්තීය සමිතිත් ගෙනයන ක්‍රියාමාර්ගවලට ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,442
Previous Post

කුහක විප්ලවවාදීන් අධ්‍යාපනය නවීකරණය කරන්න දෙන්නේ නෑ – විපක්ෂනායක සජිත්

Next Post

පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙනවා – අමාත්‍ය විදුර

editor ttvnews

editor ttvnews

Next Post
පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙනවා – අමාත්‍ය විදුර

පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙනවා - අමාත්‍ය විදුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved