වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමේ අරමුණින් දුම්රිය එන්ජින් සඳහා විශේෂ කැමරා පද්ධති සවි කිරීමේ වැඩපිළිවෙළ අද (11) දෙමටගොඩ දුම්රිය අංගනයේදී ආරම්භ විය. ධම්මික පටබැඳි සහ බිමල් රත්නායක යන අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පත් කළ විශේෂ කමිටුවක නිර්දේශ මත මෙම පියවර ගෙන ඇත. ප්‍රථම අදියර ලෙස “පුලතිසි” ශීඝ්‍රගාමී දුම්රියට මෙම කැමරා පද්ධතිය සවි කර ඇති අතර, සතියක නිරීක්ෂණ කාලයකින් පසු එහි සාර්ථකත්වය මත උතුරු හා මඩකලපු මාර්ගවල ධාවනය වන අනෙකුත් දුම්රියන් සඳහා ද මෙය ව්‍යාප්ත කිරීමට නියමිතය.














