සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී සිය වගා භූමියට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට උත්සාහ කළ 69 හැවිරිදි ගොවියකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ කුඹුක්වැව පදිංචිව සිටි එදිරිමානගේ ලියනේරිස් නමැති අයෙකි.
ඊයේ (10) රාත්‍රී 8 ට පමණ සිය බඩඉරිඟු වගාව බේරා ගැනීමට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඔහුව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. දිනපතා සවස 6 න් පසු වන අලින් ගම් වැදීම සාමාන්‍ය තත්ත්වයක් වී ඇතත්, වනජීවී බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන බවට ප්‍රදේශවාසීන් දැඩි ලෙස චෝදනා කරති. සූරියවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














