වන සතුන් දඩයමේ නිරතවූ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට යාල ජාතික උද්‍යාන මූලස්ථානයේ නිළධාරීන්ට හැකිව තිබෙනවා.
ඊයෙ දින රාත්‍රියේ යාල ජාතික උද්‍යානයේ බුතව වැව සහ මලිත්තං කොටුවල ප්‍රදේශයේ උද්‍යානය තුලයි මෙම පුද්ගලයා වන සතුන් දඩයම් කර තිබෙන්නේ.
සැකකරු වනජීවී නිළධාරීන්ට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර,දැඩි පරිස්‍රමයකින් සැකකරු අත් අඩංගුවට ගැනීමට නිළධාරීන් සමත්වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වැටලීම සදහා උද්‍යාන භාරකාර තුමන් ගේ සහය ලැබී තිබෙන බවයි පොලිස් නිලධාරින් පැවසුවේ.