වයඹ පළාත් සභාව මගින් මෙවර වාර විභාගය වෙනුවෙන් 10 වන වසර සිසුන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රය ගැටලු සහගත බවත් දැඩිසේ මහන්සි වී විභාගයට සූදානම් වූ දරුවන් ඒ හේතුවෙන් දැඩි පීඩනයට පත්ව ඇති බවත් දෙමාපියෝ පවසති.
එම ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න තුනක ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සිසු දරුවන් මෙන්ම විභාග ශාලාවන්හි සේවය කළ ගුරු මහත්මීන් මෙන්ම විදුහල්පතිවරුන් ද ගැටලු රැසකට මුහුණ දී තිබිණ.
ඒ සම්බන්ධව විමසා බැලීමට විදුහල් කිහිපයකටම දුරකතන ඇමතුම් ලබාගත්තද කිහිපදෙනකුගෙන් විවිධ පිළිතුරු ලැබිණ. එහිදී බොහෝදෙනකු පැවැසූයේ එම ප්‍රශ්න කිහිපයට ලකුණු දීම හො•ද බවයි. එහි සාධාරණ අසාධාරණ බව පිළිබඳව විමසූ විට තවත් විදුහල් ප්‍රකාශකයන් පැවැසූයේ එම ලකුණු ප්‍රමාණය අත්හිටුවන බවයි.
එහෙත් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයකු පැවැසූයේ මෙම ප්‍රශ්න පත්‍ර කිහිපවරක් සෝදුපත් බැලීමකට ලක් කර පුද්ගලික ආයතනයකින් මුද්‍රණය කොට මුද්‍රා තබා පාසල්වලට මුදාහැරි බවයි.
එමනිසා එම විභාගය අනිවාර්යයෙන් යළි පැවැත්වීමට කටයුතු කරන කථිකාවතක් අභ්‍යන්තර සාකච්ඡා වන බවද පැවසේ.
කෙසේ වෙතත් විශාල මුදලක් වැය කරමින් සිසු දරුවන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ විවිධ ප්‍රායෝගික ගැටලු මතු විය හැකි බව විවිධ ගුරු සංගම් චෝදනා කරයි.
මේ පිළිබඳව විමසීමට වයඹ පළාත් සංවර්ධන සහකාර නියෝජ්‍ය අධ්යක්ෂ දුමේන්ද්රා වෑදණ්ඩ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සහ ගත්තද ඊට ප්‍රතිචාර නොදැක්වීම මත එම උත්සහය ව්‍යාර්ත විය.