• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු – විපක්ෂ නායක සජිත්

7 April 2024
in දේශීය, පුවත්
වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුපුරුදු වරදාන වරප්‍රසාද සියල්ලක්ම පසෙකලා ලක්ෂ 220ක් වු සුවහසක් ජනතාවගේ ආර්ථික සමාජයීය දේශපාලන සුබසාධන අයිතිය රැකගැනීමේ ගමනක පෙරමග ගමන්කරුවන් ලෙස සමගි ජන බලවේග ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය 05 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයත් නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 6 දෙනකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව ලොව පළමු තැනට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයකට යොමුවන බවත් කරන්නා වූ සෑම ක්‍රියාදාමයක්ම පොදුජන හිතෛශී පොදුජන කේන්ද්‍රීය පොදුජන සහභාගීත්ව මෙන්ම පොදුජන උන්නතිය තකා රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන්නට කටයුතු කරන බවත් සමාජ සමානාත්මතාව හා සාධාරණත්වය යන ප්‍රතිපත්තිවලට මුල්තැන ලබා දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් තුළ මානුෂීය ධනවාදයත් ජනතාවාදී සමාජවාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මුසුකරගෙන සෑම න්‍යායකම තිබෙන ධනාත්මක ගුණාංග එකතු කර ගත් මැද මාවතක් හරහා ඉදිරි ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව මත පදනම් වූ සෞභාග්‍යයක් ඇති කර නැති බැරි ඇති හැකි පරතරය ඉවත් කරන සෞභාග්‍යයක් බිහි කරන බවත් රටේ ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විදින්නේ පොහොසත් 20%ක් බවත් දුප්පත් 20% භුක්ති විදින්නේ ජාතික ආදායමෙන් 4.5%ක් නිසා මෙය පිළිගත නොහැකි බවත් සෞභාග්‍යය සැවොම එකතු කර ගත් එකක් විය යුතු බවත් එය සැවොම සමානව බෙදා ගන්නා සෞභාග්‍යයක් විය යුතු බවත් ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සැවොම කොටස්කාරයන් වූ වර්ධනයකින් බව හෙතෙම කියා සිටියේය.

එමෙන්ම කඩිසර ක්‍රියාශීලී කාර්යශූර රටක් විය යුතු බවත් ජපනා හපනා වූවා සේ අපිත් කාර්යශූර විය යුතු බවත් එම පරමාදර්ශී ආදර්ශවත් මඟ පෙන්වීම ඉහළින්ම සියලු දෙනාට ලබා දිය යුතු බවත් එය නොපිරිහෙලාම ඉටු කරන බවත් රටක නායකත්වය නිසි මඟ පෙන්වීම ලබා දුන් පසු ලක්ෂ 220න් කිසිම අයකුට එම ජාතික වගකීම පැහැර හැරිය නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට තුළ දූෂණය වංචාව හොරකම සහමුලින්ම තුරන් කරන බවත්ය.

පළාත් 9 දිස්ත්‍රික් 25ක ප්‍රාදේශීය ලේකම් හා උප ලේකම් බලප්‍රදේශ 341 මෙන්ම ග්‍රාමසේවා වසම් 14022ක විහිදී ඇති ගම් නගර 53000ම ජීවත් වන ලක්ෂ 220කගේ ජන ජීවිතවල වගකීම තමා බාර ගන්නා බවත් එම බාරකාරීත්වය පණටත් වඩා ආරක්ෂා කරන බවත් නුදුරු අනාගතයේ දී වඩාත් ජනතාවාදී ජනහිතකාමී සන්ධාන රැසක් බිහි වන බවත් මෙම සන්ධාන පිටුපස කිසිදු වරදාන වරප්‍රසාදයක් ලබා දීමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

තවද රටේ අවශ්‍යතාවට මුල්තැන ලබා දී අත්මාර්ථකාමීත්වය නොව පරාර්ථකාමීව පොදු ජනතාවට සේවය කිරීමේ උතුම් ජනතා සේවාව උදෙසා පෙළ ගැසෙන බවත් ජාති ආගම් කුල මල ගෝත්‍ර පක්ෂ භේදයකින් තොරව ලක්ෂ 220ටම පරමාදර්ශී ක්‍රියාදාමයක් තුළ රට ගොඩනගන ගමනට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Post Views: 6,590
Previous Post

දිවයිනෙන් නික්ම යන තුර්කි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Next Post

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

editor ttvnews

editor ttvnews

Next Post
උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved