අප්‍රිකානු වයිරසය ශරීරගත වීම හේතුවෙන් යාල ජාතික උද්‍යානය ඇතුළු වනාන්තර ප්‍රදේශ කිහිපයක වල් ඌරන් 100 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගොවිපොළ ආශ්‍රිතව මෙම වයිරසය පැතිරී යන්නට පටන්ගෙන දැනට මාස හතරක් පමණ වන අතර, එම කාලය තුළදීම ජාතික උද්‍යානවල වෙසෙන ඌරන්ට ද අප්‍රිකානු වයිරසය ශරීරගතවී තිබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීහු පවසති.
යාල ඇතුළු වනාන්තර කීපයක වල් ඌරන් 100 කට වැඩි පිරිසක් වරින් වර අවස්ථාවන්හිදී තැනින් තැන මියගොස් සිටි බවද, එම මියගිය සතුන්ගේ ශරීර කොටස් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ අප්‍රිකානු වයිරසය හේතුවෙන් වල් ඌරන් මියගිය ගොස් සිටි බව යැයි පශු වෛද්‍ය නිලධාරීහු කියා සිටිති.
වයිරසය ශරීරගතවීම හේතුවෙන් මියගිය වල් ඌරන් සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ත්‍රිකුණාමලය හැර රටේ අනෙකුත් සෑම ප්‍රදේශයක් ආශ්‍රිතවම පාහේ මෙම වයිරසය පැතිරී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න කෘෂිකර්ම අමාත්‍යංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.