2026 වසරේ ගෙවුණු පළමු දින 41 තුළ පමණක් මෙරට පුද්ගල මරණ 24ක් දිය අනතුරුවලින් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු අනාවරණය කළේ, මෙලෙස මරණ වාර්තා වන අතරතුර පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් දේශීය පුද්ගලයින් 17 දෙනෙකු සහ විදේශිකයින් 16 දෙනෙකු ඇතුළු පුද්ගල ජීවිත 33ක් ජල රකුසාගෙන් බේරාගැනීමට සමත් වී ඇති බවයි. 2024 වසරේදී මරණ 595ක් සහ 2025 වසරේදී මරණ 376ක් ලෙස දිය අනතුරු වාර්තා වී තිබූ බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් විය.














