2024 පෙබරවාරි මාසයෙන් පසුව ප්‍රථම වතාවට එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය රුපියල් 310 සීමාව පසුකර ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දින වාර්තා වූ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 310.02කි.
පසුගිය 2025 වසර තුළ රුපියල 5.6%ක අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළ අතර, අද දින ඩොලරයේ විකුණුම් මිල රු. 313.81ක් ලෙස සටහන් විය.
2025 වසර පුරා පැවති 5.6%ක අවප්‍රමාණය වීමේ වේගය මෙම වසර ආරම්භයේදී ද දක්නට ලැබෙන බව ආර්ථික දත්ත පෙන්වා දෙයි. මේ අනුව පාරිභෝගික භාණ්ඩ මිල කෙරෙහි මෙහි බලපෑම ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බව ඇතැමුන් පවසයි














