රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වී වසර හතරකට පසු පළමු වරට රුසියාව, යුක්රේනය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් තුනේම නියෝජිතයන් සහභාගී වන විශේෂ සාකච්ඡාවක් අද (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වේ.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ මොස්කව්හි අමෙරිකානු තානාපතිවරයා අතර පැවති හමුවක ප්‍රතිඵලයක් ලෙස මෙම රාජතාන්ත්‍රික හමුව සංවිධානය කර ඇති බව රුසියානු නිලධාරීහු තහවුරු කරති.
මෙම සාකච්ඡා වටය වත්මන් අර්බුදය විසඳීම සඳහා වැදගත් ආරම්භයක් වනු ඇති බවට රුසියාව විශ්වාසය පළ කරන අතරම, පවතින මූලික ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබෙන තෙක් දිගුකාලීන සාම ගිවිසුමකට එළඹීම දුෂ්කර බව ද අවධාරණය කර ඇත.
යුද්ධය ආරම්භ වූ දා සිට මෙම බලගතු පාර්ශවයන් තුනම එකම මේසයක සාකච්ඡාවකට වාඩි වන පළමු අවස්ථාව මෙය බැවින්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම හමුව දෙස දැඩි අවධානයෙන් පසුවෙයි












