ආදායම් සහතික ව්‍යාජ ලෙස සකස් කර රජයේ ඉඩම් ලබාගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධික ආදායම් ලබන පුද්ගලයින් සඳහා වන කෘෂිකාර්මික ක්‍රමවේදය යටතේ රජයේ ඉඩම් වෙන්කරවා ගැනීම සඳහා සහාය වීම පිණිස සැකකරු විසින් ඔහුගේ නිල තත්ත්වය අවභාවිත කරමින් මෙම ව්‍යාජ ආදායම් සහතිකය නිකුත් කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි. මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් 10,625,000 ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති අතර බාහිර පාර්ශවයකට අයුතු ප්‍රතිලාභ ලැබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.














