එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්ෂක කවුන්සිලය (CSC) විසින් ව්‍යාජ ජංගම දුරකථන මෘදුකාංග භාවිතයේ ඇති අවදානම පිළිබඳව මහජනතාව වෙත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම ව්‍යාජ මෘදුකාංග දත්ත සොරකම් කිරීම, මූල්‍ය වංචා සහ සයිබර් අඩන්තේට්ටම් (Cyber extortion) සඳහා ප්‍රධාන දොරටුවක් ලෙස ක්‍රියා කරන බව එම කවුන්සිලය පෙන්වා දෙයි.
වර්තමානයේ පවතින ව්‍යාජ මෘදුකාංගවලින් 85%ක්ම ප්‍රකට සහ විශ්වාසදායක මෘදුකාංගවල ලාංඡන සහ නාමයන්ට සමාන ලෙස නිපදවා ඇති බැවින් ඒවා හඳුනා ගැනීම පළපුරුදු පරිශීලකයන්ට පවා අසීරු වී තිබේ. පුද්ගලික ඡායාරූප, මූල්‍ය දත්ත සහ අනන්‍යතා තොරතුරු සොරාගෙන පසුව ඒවා භාවිත කරමින් පුද්ගලයන් බිය වැද්දීමට හෝ කප්පම් ගැනීමට වංචාකරුවන් පෙළඹිය හැකි බැවින් සැකකටයුතු කිසිදු මෘදුකාංගයක් භාගත නොකරන ලෙස උපදෙස් දෙනු ලැබේ.
තම දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා මෘදුකාංග ලබා ගැනීමේදී නිල මූලාශ්‍ර (Official App Stores) පමණක් භාවිත කිරීමේ වැදගත්කම කවුන්සිලය අවධාරණය කරයි. පුද්ගලයන් මෙන්ම ආයතන ද ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම සයිබර් තර්ජන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ.














