ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ගේ අනන්‍යතාවය පිළිබඳව සැක මතු කරන පැරණි ‘Fake Melania’ කුමන්ත්‍රණ වාද (Conspiracy theories) යළිත් වරක් සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් පැතිර යමින් පවතී. අප්‍රේල් 06 වැනිදා ධවල මන්දිරයේ පැවති සාම්ප්‍රදායික පාස්කු උත්සවයට (Easter Egg Roll) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහභාගී වූ කාන්තාව සැබෑ මෙලානියා ට්‍රම්ප් නොව ඇයගේ රූපයට සමාන වෙනත් අයෙකු (Body double) බවට බොහෝ දෙනා චෝදනා කරති.
මෙම සැකය වඩාත් තීව්‍ර වීමට හේතු වී ඇත්තේ එදින උත්සවයේදී ජනාධිපති ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයකි. සිය කතාව අතරතුර ඔහු විහිළුවෙන් මෙන් සිය බිරිඳ සොයමින්, “ඇය කොහේ හෝ මෙතැන සිටිනවා… මම හිතන්නේ මේ ඉන්නේ අපේ ජනාධිපති ආර්යාව” යනුවෙන් පැවසූ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වී තිබේ. ඇතැම් පරිශීලකයන් පවසන්නේ සැබෑ මෙලානියා මෙතරම් සිනාසෙන්නේ නැති බවත්, ට්‍රම්ප්ට පවා දැන් සිය සැබෑ බිරිඳ සහ රූපකාය (Decoy) හඳුනා ගැනීමට අපහසු වී ඇති බවත්ය.
වසර කිහිපයක සිටම මෙලානියා ට්‍රම්ප් ප්‍රසිද්ධ අවස්ථාවලට සහභාගී වීමේදී මෙවැනි “ව්‍යාජ මෙලානියා” චෝදනා එල්ල වූ අතර, මෙවර ද ඇයගේ හැසිරීම් සහ මුහුණේ ඉරියව් පිළිබඳව විවිධ පුද්ගලයන් ප්‍රශ්න කරමින් සිටිති. කෙසේ වෙතත්, ට්‍රම්ප් සිය කතාවේදී ඇයව “සිනමා තරුවක්” ලෙස හඳුන්වමින් ඇයගේ නවතම වාර්තා චිත්‍රපටය පිළිබඳව ද සඳහන් කිරීමට අමතක නොකළේය.














