අද (31) දිනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් තවදුරටත් පහත වැටී ඇති අතර, ඩොලරයේ විකුණුම් මිල රුපියල් 318 සීමාව ආසන්නයේ ස්ථාවරව පවතින බව වාර්තා වේ.
සෙලාන් බැංකුවේ (Seylan Bank) අද දින ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.40 සිට රුපියල් 312 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 317.50 සිට රුපියල් 317.25 දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. එන්.ඩී.බී. බැංකුවේ (NDB Bank) ගැණුම් මිල රුපියල් 311.75 සිට රුපියල් 312.25 දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.25 සිට රුපියල් 318.75 දක්වාත් ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ (People’s Bank) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.37 සිට රුපියල් 311.87 දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.24 සිට රුපියල් 318.75 දක්වාත් ඉහළ ගොස් ඇත. කොමර්ෂල් බැංකුව (Commercial Bank) වාර්තා කරන පරිදි ගැණුම් මිල රුපියල් 309.57 සිට රුපියල් 310.32 දක්වාත්, විකුණුම් මිල රුපියල් 318 සිට රුපියල් 318.75 දක්වාත් වර්ධනය වී තිබේ. එසේම සම්පත් බැංකුවේ (Sampath Bank) ගැණුම් මිල රුපියල් 311.75 සිට රුපියල් 312.25 දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.25 සිට රුපියල් 318.75 දක්වාත් ඉහළ ගොස් ඇත.














