එක්සත් රාජධානියේ මුහුද ඉතිහාසයේ පටන් උණුසුම්ව පැවතියා.
එය සමුද්‍ර ජීවීන්ගේ සහ එහි ධීවර ප්‍රජාවන්ගේ විවිධාකාර වෙනස්කම්වලට හේතුවක් වුණා.
මේ වසරේ ජූලි අවසානය දක්වා ගතවූ මාස හත තුළ එක්සත් රාජධානියේ ජලයේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය 1980 න් පසු 0.2C ට වඩා වැඩි වී ඇති බව කාලගුණ විද්‍යා කාර්යාල දත්ත පිළිබඳ විශ්ලේෂණයකින් හෙළිව තිබෙනවා.
එක්සත් රාජධානියේ මුහුද දශක කිහිපයකට පෙර තිබූ තත්ත්වයට වඩා සැලකිය යුතු ලෙස උණුසුම් වී තිබෙනවා.
මානව වර්ගයා පොසිල ඉන්ධන දහනය කිරීමෙන් ඇති වන ප්‍රවණතාවක් ලෙස මෙය දැක්විය හැකියි.
එය එක්සත් රාජධානියේ සමුද්‍ර පරිසර පද්ධතිවල ප්‍රධාන වෙනස්කම් වලට හේතු වී තිබෙනවා.
එක්සත් රාජධානි ජලයේ සාමාන්‍යයෙන් බහුලව දක්නට නොලැබෙන බූවල්ලා, බ්ලූෆින් ටූනා සහ ලා ස්ටිංගර් ජෙලිෆිෂ් ඇතුළු සුවිශේෂී විශේෂ රැසක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව වාර්තා වනවා.
මෙම ජීවීන් ඉහල යාමට ස්වභාවික චක්‍ර සහ ධීවර පිළිවෙත් බලපා ඇති බව සැලකෙනවා.
බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මුහුද උණුසුම් වීම ඔවුන්ගේ වර්ධනයේ තීරණාත්මක කොටසක් ලෙසයි.
සමුද්‍ර තාප තරංග තත්ත්වයන් – අසාමාන්‍ය ලෙස ඉහළ මුහුදු මතුපිට උෂ්ණත්වයක් දිගු කාලයක් – එක්සත් රාජධානියේ සමහර ප්‍රදේශවල වසර පුරාම දක්නට ලැබෙනවා.
පරිසර, ධීවර හා ජලජීවී වගා විද්‍යා මධ්‍යස්ථානය (සීෆාස්) විසින් පවත්වාගෙන යනු ලබන වේව්නෙට් ලෙස හඳුන්වන එක්සත් රාජධානියේ වෙරළට ඔබ්බෙන් වූ මිනුම් බෝයාවන් මගින් ද සමහර සුවිශේෂී මුහුදු උෂ්ණත්වයන් අනාවරණය වී තිබෙනවා.
2023 සහ 2024 දී ඉතා ඉහළ මුහුදු උෂ්ණත්වයන්ගෙන් පසුව, 2025 දී වාර්තාගත උණුසුමක් ඇති ව තිබෙන බවයි වාර්තා වන්නේ.