වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන තුන්සිය ගණනක් අතුරුදන් වී තිබෙන බව විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න රජයේ මුදල් කාරක සභාවේ දී ප්‍රකාශ කර තිබේ.
විගණකාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ පසුගිය දා පැවැති මුදල් කාරක සභාවේ දී ය. රජයේ වත්කම් සම්බන්ධයෙන් පැවැති කතාබහක දී මේ බව පවසා ඇති විගණකාධිපතිවරයා රජයේ වත්කම් සම්බන්ධයෙන් වගකීම ඇති කොම්ප්ට්‍රෝලර් ජෙනරාල් කාර්යාලයේද රජයේ වාහනවලට අදාළ සියලු තොරතුරු නොමැති බව සඳහන් කර ඇත.
රජයේ වාහන සම්බන්ධයෙන් තමන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද එම පරීක්ෂණය අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ද ඇතුළුව තවත් බොහෝ ආයතනවලට අයත්ව තිබූ වාහන විශාල ප්‍රමාණකට සිදුවූ දෙයක් නැතැයි ද පවසන විගණකාධිපතිවරයා පරීක්ෂණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන ලේඛනය ගෙන අදාළ ආයතන සමග සසඳන බව ද පවසා තිබේ.
අදාළ ආයතනවල වාහන නොමැති නම් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ එම ආයතන ප්‍රධානීන් ම යැයි ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.