නතර වී ඇති වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ඉදිරි මාස තුන ඇතුළත ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට අංක තහඩු නිකුත් කිරීමට නියමිත වාහන සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ වන බව වාර්තා වේ.
අංක තහඩු මුද්‍රණය සඳහා ටෙන්ඩර් පටිපාටිය හරහා ආයතනයක් තෝරාගෙන ඇති අතර, එම ආයතනය මේ වන විට මූලික කටයුතු සූදානම් කරමින් පවතී. ඒ අනුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයට අනුබද්ධව මෙම මුද්‍රණ කටයුතු සිදු කිරීමට නියමිතය.
මුද්‍රණ කටයුතු ආරම්භ කළ වහාම දැනට පවතින අංක තහඩු හිඟය කඩිනමින් පියවා ගැනීමට බලාපොරොත්තු වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.














