• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන එකලස් නඩුවට RMV ලොක්කන් 8කට නොතීසි

20 November 2024
in දේශීය
වාහන එකලස් නඩුවට RMV ලොක්කන් 8කට නොතීසි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රේගු දෙපාර්තමේන්තුවට හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා මොන්ටේරෝ, ලෑන්ඩ්කෘසර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 200කට අධික සංඛ්‍යාවක් ව්‍යාජ දත්ත ඇතුළත් කර නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ලියාපදිංචි කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හා සහකාර කොමසාරිස්වරුන් දෙදෙනකු ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 8 දෙනකුට නොවැම්බර් 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (නොවැ.19) නියෝගයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ඉහත සඳහන් කොමසාරිස්වරුන් තිදෙනාට අමතරව එම සිද්ධියට සම්බන්ධ බව කියන පරිගණක දත්ත පද්ධති ක්‍රියාකරුවෙකු, වාහන අංක නිකුත් කළ අයෙකු, වාහන ආනයනය කිරීමට සහාය ලබා දුන් අයෙකු සංවර්ධන නිලධාරියෙකු ඇතුළු එම අංශයේ නිලධාරීන් 8 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එසේ නොතීසි නිකුත් කෙරිණි.

එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙසට දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතත්, එවැනි නිවැරදි කිරීමක් මෙතෙක් සිදුකර නොමැති බවට කරුණු අනාවරණය වන බව එම නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවැත කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දැන්වීය.

එම කරුණ ඇතුළු සිද්ධියට අදාළ වෙනත් කරුණු විමසීම සඳහා ඉහත සඳහන් නිලධාරීන් අටදෙනා අධිකරණය වෙත කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසට එම කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට කරන ලද කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මහෙස්ත්‍රාත්වරයා එසේ ඔවුන්ට නොතීසි නිකුත් කළේ ය.

රුපියල් කෝටි 500කට අධික බදු මුදල් රජයට අහිමි කරමින් සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් පමණ මෙරටට ආනයනය කර ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඉන් මෝටර් රථ 16ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණ නියෝග මත එම වාහන රේගුව භාරයේ රඳවා තබා ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එම මෝටර් රථ 2015 සිට 2022 වසර දක්වා කාලය තුළදී මෙරටට ආනයනය කර ඇති බව ත් අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය සිදු කළ විමර්ශනවලදී මේ බව හෙළි කරගෙන ඇති බව ත් එම නිලධාරීන් අධිකරණයට දැන්වීය.

එසේ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මෙරට විවිධ පළාත්වල පුද්ගලයන් සතුව තිබෙන එම මෝටර් රථ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවැසීය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන නොමැති සෙසු වාහන වහාම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන්ට නියෝග කළේ ය.

  •  [mawbima]
Post Views: 13
Previous Post

මිනුවන්ගොඩදී කෝටි හතකට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved