මැයි මස සිට මෙරටට ආනයනය කරන ලද වාහන 500ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව රේගුවේ සිර වී තිබෙන බව වාර්තා වනවා.
ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මෙම ගැටලුව විසදීම සදහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අවශ්‍ය බවයි.
එම සංගමය මේ බව සඳහන් කළේ, (අගෝ. 4) වන දින කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
එහි දී උප සභාපති වන අරෝෂ රොද්‍රිගෝ කියා සිටියේ මෙම වාහන හම්බන්තොට වරායේ රදවාගෙන සිටීම හේතුවෙන් චීනයට මුදල් ගෙවීමට ආනයනකරුවන්ට සිදුව ඇති බවයි.
එම සංගමයේ සභාපති මදුෂාන් මාන්නප්පෙරුම
“2013 ඉඳන් ලංකාවට වාහන ආව ක්‍රමයට තමයි අපි දැනටත් LC ඇරලා වාහන ආනයනය කරන්නේ. ඒ දවස්වල කිසි ම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි 2025 මැයි 27න් පස්සේ රේගුවෙන් අපේ වාහන විශාල ගණනක් නවත්තලා තියෙනවා.
“දැනට රේගුවේ වාහන අඩු ම තරමේ වාහන 500ක්වත් අපේ වාහන හිර වෙලා තියෙනවා. සමහර වාහනවල කට්ටිය ඩියුටිත් ගෙවලා තියෙනවා. අපිට ලොකු බලපෑමක් වෙලා තියෙනවා, මෙයාලා කියන්නේ මේ වාහන ආනයනය කරන රටින් ම ලංකාවට පටවන අවස්ථාවේ එහේ බැංකුවෙන් සීල් එක ගහල තියෙන්න ඕනේ කියලා. රේගුවෙන් දැන් කියන්නේ අපි වරදක් කරනවා කියලා.”
වැඩි විස්තර සඳහා
video link –