මහඔය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට ඊයේ (31) ගල්වලයාය ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීමක නිරතව සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පැමිණි පිරිසක් පොලුවලින් කළ මෙම පහරදීමෙන් ස්ථානාධිපතිවරයාගේ දකුණු අතට බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු මේ වන විට මහඔය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, පහර දෙන අවස්ථාවේ ඔවුන් දැඩි ලෙස බීමතින් සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පහර දීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.














