දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ වැඩි ඡන්ද 177 කින්.
මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පැවති අතර පක්ෂව ඡන්ද 177 ක්, ඡන්දය පාවිච්චි නොකල එක් අයෙක් මෙන්ම විරුද්ධව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැහැ.
ඒ අනුව පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද දින පාර්ලිමේන්තුවේ දී සම්මත උනා.