පාර්ලිමේන්තුවේ සේවය තාවකාලිකව තහනම් කරනු ලැබූ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා අද (02) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. තමන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හෝ තමන් සතු තොරතුරු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ. මීට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් ඔහුට එරෙහිව විනය පියවර ගෙන තිබූ අතර, මෙම නව වර්ධනයත් සමඟ පාර්ලිමේන්තු පරිපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.













