• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

22 October 2025
in දේශීය, පුවත්, විශේෂාංග
වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර, හෙවත් “මිදිගම ලසා”, අද (ඔක්තෝබර් 22) උදෑසන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමත් සමඟ, මෑත කාලීන ඉතිහාසය තුළ දේශපාලන සහ පාතාල ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති වැලිගම ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව යළිත් අවධානය යොමුවී තිබේ.

යතුරුපැදියකින් පැමිණි බව කියන මෙම තුවක්කුකරුවන් දෙදෙනා, සභාපතිවරයා ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිය නිල පුටුවේ අසුන්ගෙන සිටියදී වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සභාපතිවරයා වහාම රෝහල් ගත කර ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත.

අර්බුදයේ කේන්ද්‍රස්ථානය වූ වැලිගම

වැලිගම ප්‍රදේශය මෑත ඉතිහාසය තුළ දේශපාලන සහ පාතාල ක්‍රියාකාරකම් බහුල වූ ප්‍රදේශයක් ලෙස සලකුණු වී ඇත. මෙම වෙඩි තැබීමේ සිදුවීම වැලිගම අවට දේශපාලන ක්ෂේත්‍රයේ මතුවෙමින් පවතින උණුසුම් තත්ත්වයේම එක් දිගුවක් ලෙස බොහෝ දෙනා අර්ථකථනය කරති.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම් ගණනාවක් ප්‍රදේශය තුළ දැඩි මතභේදයට තුඩු දී තිබුණි. මෙම ආයතන දෙකෙහිම වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත්තේ ජාතික ජන බලවේගය (මාලිමාව) වුවද, බලය පිහිටුවීමේදී මාළිමාවට විපක්ෂවූ පක්ෂ සන්ධානයක් විසින් සභා බලය දිනා ගන්නා ලදී.

බලය පිහිටුවීමෙන් පසු ඇති වූ අවුල් සහගත තත්ත්වයන්, සභා රැස්වීම්වලදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ පසුව ඇති වූ විවිධ ආරවුල් දේශපාලන වාර්තාකරුවන්ගේ අවධානයට ලක් විය. දේශපාලන බලය අල්ලා ගැනීමේ මෙම ගැටුම්කාරී ක්‍රියාවලිය තුළ පාතාල කණ්ඩායම්වල මැදිහත්වීම් පිළිබඳ චෝදනා ද එල්ල විය.

පාතාලය දේශපාලනයට ඈඳා ගැනීම
මිදිගම ලසා ලෙස ප්‍රසිද්ධ ලසන්ත වික්‍රමසේකර ට එල්ල වූ මෙම ප්‍රහාරය, වැලිගම දේශපාලනය සහ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලි අතර ඇති සම්බන්ධතාව යළිත් ප්‍රශ්න කරයි. ප්‍රදේශීය දේශපාලන බලය, කොන්ත්‍රාත් සහ අනෙකුත් වාසි ලබා ගැනීම සඳහා පාතාල කණ්ඩායම් යොදා ගැනීම දිගු කලක් තිස්සේ පැවත එන චෝදනාවකි.

වැලිගම සභාපතිවරයාට සිය නිල කාර්යාලය තුළදීම දහවල් කාලයේ එල්ල වූ මෙම ප්‍රහාරය මගින්, ප්‍රදේශයේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම සහ අපරාධකරුවන්ගේ නිර්භීතභාවය මනාව පෙන්නුම් කරයි.

මතු වන ප්‍රශ්න
ප්‍රදේශයේ ජනතාව අද වන විට ප්‍රශ්න කරන්නේ, මෙම වෙඩි තැබීම හුදෙක් අපරාධමය සිදුවීමක්ද, නැතහොත් බලය තහවුරු කර ගැනීම සඳහා දේශපාලන ප්‍රතිවාදීන් විසින් දියත් කරන ලද මෙහෙයුමක්ද යන්නයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් මෙන්ම, දේශපාලනමය වශයෙන් විරුද්ධ මත දරන පාර්ශව ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූවා දැයි යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම කාලීන අවශ්‍යතාවයකි.

වැලිගම ප්‍රදේශයේ දේශපාලනය පාතාලය සමඟ ගුප්ත ලෙස බැඳී ඇති බවට වන මහජන මතය ශක්තිමත් කරමින්, මෙම සිදුවීම ප්‍රදේශයේ නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය පිළිබඳව දැඩි ප්‍රශ්න ගණනාවක් මතු කරයි. වැලිගම නැවතත් අපරාධ සහ දේශපාලන ගැටුම්වල උණුසුම් කලාපයක් බවට පත්වීම වැළැක්වීමට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතුය.

-harideshaya.lk

Post Views: 7
Previous Post

සැනිටයිසර් ගාන්නේ පරිස්සමින් !

Next Post

අද රන්මිල 20 000කින් පහළට

Editor TTV News

Editor TTV News

Next Post
අද රන්මිල 20 000කින් පහළට

අද රන්මිල 20 000කින් පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“කෙහෙල්බද්දර පද්මේ” නිසා පියුමි ට පැය 03ක ප්‍රශ්න   – තවත් නිලියෝ සැකයි

“කෙහෙල්බද්දර පද්මේ” නිසා පියුමි ට පැය 03ක ප්‍රශ්න – තවත් නිලියෝ සැකයි

22 October 2025
සභාපති පුටුවේම මිය ගිය “මිදිගම ලසා” සහ හරක්කටා අතර සම්බන්ධයක්

සභාපති පුටුවේම මිය ගිය “මිදිගම ලසා” සහ හරක්කටා අතර සම්බන්ධයක්

22 October 2025
අද රන්මිල 20 000කින් පහළට

අද රන්මිල 20 000කින් පහළට

22 October 2025
වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

වැලිගම සිද්ධිය දේශපාලන-පාතාල අර්බුදයක් ද?

22 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“කෙහෙල්බද්දර පද්මේ” නිසා පියුමි ට පැය 03ක ප්‍රශ්න   – තවත් නිලියෝ සැකයි

“කෙහෙල්බද්දර පද්මේ” නිසා පියුමි ට පැය 03ක ප්‍රශ්න – තවත් නිලියෝ සැකයි

22 October 2025
සභාපති පුටුවේම මිය ගිය “මිදිගම ලසා” සහ හරක්කටා අතර සම්බන්ධයක්

සභාපති පුටුවේම මිය ගිය “මිදිගම ලසා” සහ හරක්කටා අතර සම්බන්ධයක්

22 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved