ඌව පළාත් සහ නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මුලතිවු දිස්ත්‍රික්ක වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර පළාතේ සහ නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව, මුලතිවු යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තද වැසි (මි.මි. 50ට වැඩි) ඇති වන බවත් සවස 2.00න් පසු බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇති වන බවත් එම නිවේදනවල සදහන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට, ගම්පහ, කොළඹ, මොනරාගල දිස්ත්‍රික්කවලට තද සුළං (පැ.කි.මී. 50 දක්වා) ඇති වන බවයි එම දෙපාර්තමෙන්තුව පවසා සිටින්නේ.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.














