ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ අවසන් අදියර ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තියට අදාළ කැබිනට් යෝජනාව හෙට (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම පියවරත් සමඟ 1969 අංක 17 දරන විදුලි බල පනත අහෝසි වන අතර, පෙබරවාරි මාසය අවසන් වීමට පෙර විදුලි බල මණ්ඩලය නිල වශයෙන් ඈවර කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ මණ්ඩලය සමාගම් 4කට බෙදා වෙන් කර ඇති අතර, ඒ සඳහා මේ වන විටත් පාලනාධිකාරීන් පත් කර අවසන්ය. හෙට ඉදිරිපත් කෙරෙන යෝජනාව සම්මත වීමෙන් පසු විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට අදාළ නව ගැසට් පත්‍රිකාව අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.
මෙම නව ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ (VRS) ක්‍රමය යටතේ විශ්‍රාම ගැනීමට ඉල්ලුම් කර සිටින සේවකයින් 2,153 දෙනෙකුගේ ගැටලුවට ද විසඳුම් ලැබෙනු ඇත. ඔවුන් සඳහා වන්දි ගෙවීමේ කටයුතු ද මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී සිදු කිරීමට රජය සැලසුම් කර තිබේ.














