විදුලි ඇමතිගේ වඳුරු කුණුහරුප (VIDEO) 👇🏽
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) සවස බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගත් රජයක් ලෙස මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පුරා සේවක වරප්‍රසාද සහ අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කළ බවත්, වෘත්තීය සමිති නියෝජිතයින් හා විටින් විට සාකච්ඡා කරමින් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළ බවත්, ඒ අනුව, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කිරීමට උපරිමව ක්‍රියා කළ බවත් පැවසුවා.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි වුවත් අමාත්‍යවරයා වශයෙන් මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම තම ප්‍රතිපත්තිය වූ බවත්, සාකච්ඡා ක්‍රියාමාර්ග ඔස්සේ ගැටළු විසඳා ගැනීමේ ක්‍රමවේදයට මුල් තැනක් දී ඉදිරියටත් ක්‍රියාකරන බවද ප්‍රකාශ කළා.