ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව සම්බන්ධ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය.
එම යෝජනාව සම්බන්ධ මහජන උපදේශනය මේ මස 17 වැනිදා ආරම්භ කරන බවත් ලිඛිත අදහස් බාරගැනීම ජනවාරි මසස 8 වැනිදා දක්වාත්, වාචික අදහස් සැසි 9 ක් පැවැත්වීමටත් තීරණය කළ බව ද එම කොමිසම කීය.
මහජනතාවගේ ලිඛිත අදහස් ජනවාරි මස 8 වැනිදාට පෙර විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහළ, ලංකා බැංකු වෙළෙද කුළුණ, කොළඹ 3 යන ලිපිනයට හෝ [email protected] යන ඊමේල් ලිපියට හෝ www.facebook.com/pucsl යන ෆේස්බුක් පිටුවට හෝ යොමු කළ හැකි බව එම කොමිසම කීය.
එසේ නැත්නම් 0764271030 දුකරථනයට වට්ස්ඇප් ඔස්සේ ද අදහස් යොමු කළ හැකි බව එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි